News Line| Off Air
Generic placeholder image

Dec
19

ජනපති ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතිහාසයම වෙනස් කරයි. (VIDEO / PHOTOS)

1134 Views


ජනපති ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතිහාසයම වෙනස් කරයි. (VIDEO / PHOTOS)

අපේ රටේ ගොඩබිම් ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා යුධ හමුදාව ලොකු වගකීමක් දරනවා. 30 වසරක කුරිරු යුද්ධයේදී යුධ හමුදාවේ දායකත්වය වැඩියෙන්ම කැපිලා පෙනුනා. සාමාන්‍යයෙන් යුධ හමුදාවේ පුහුණුව ලබපු සෙබළ සෙබළියන් විසිර යාමේ උත්සව මුළු ලංකාවේම අවධානය දිනා ගන්නවා. ඒ අතරට දියතලාවේ තියෙන ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබපු 92 වන කෙඩෙට් කණ්ඩායමේ විසිර යාමේ උත්සවයත් රටේම අවධානය දිනා ගත්තා. මේ උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දියතලාව, යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ දී ලූතිනන් කර්නල් ලෙස අධිකාරී නිලයලත් නිලධාරීන් අතරින් විශේෂ දක්ෂතා දැක්වූ නිලධාරීන් වගේම නිලධාරිනියන් වෙත එම අධිකාරි නිලයේ නිල ලාංඡනය සහිත උරහිස් පටි පැළැදවීමත් ජනාධිපතිතුමා අතින්ම සිද්ධ වීම විශේෂත්වයක්.

රාජ්‍ය නායකයකු අධිකාරිලත් නිලයන් වෙත උසස් කළ හමුදා නිලධාරීන් වෙත ලාංඡන පැළදවීමට එක්වූ පළමු වතාව ලෙස මෙය ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සටහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post