පහුගිය කාලේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකට එකතු කරලා අක්බාර් ටවුන් කියලා නම් කරා. ඒ ගැන එක එක අය එක එක කතා කිවුවා. හැබැයි අක්බාර් ටවුන් ගැන අපිට අලුත් ආරංචියක් ලැබුනා. ආයෙත් අක්බාර් ටවුමේ නම වෙනස් කරන්න යනවලු. ඒ එඩේරමුල්ල 2 කියලයි. මේ ගැන අදාල අංශ එක්ක සාකච්ඡා කරලා නිර්දේශය අරගෙන ඉක්මනටම සංශෝධනයක් ඉදිරිපත් කරනවා කියලයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කිවුවේ.
එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අක්බාර් ටවුන් ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් අරගෙන අමාත්‍යවරයා හම්බවෙන්න ආව වෙලාවෙයි ඇමතිතුමා මේ කතාව කිවුවේ.
ඒ අවස්ථාවේදීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දුරකථනයෙන් අමතපු ෆයිසර් අමාත්‍යවරයා එම කොට්ඨාසය එඩේරමුල්ල ලෙස නම් කරන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අදාල කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය ඉක්මණින් ඉදිරිපත් කරන බව කියලා තියෙනවා.
කොහොම වුණත් මේ බල ප‍්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් ගත්ත තීරණයක් නෙවෙයි කියලයි ෆයිසර් ඇමතිතුමා කියන්නේ.
එඩේරමුල්ල අක්බාර් ටවුන් වූ පසු Google map වෙනස් වූ හැටි…