අද 2017 දෙසැම්බර් මාසයේ 20 බදාදා
රාහු කාලය ප.ව.12.08 සිට 01.36
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත

අද දවසේ ඔබේ කටයුතු වලදී යම් ව්‍යාකුල තත්වයක් ඇතිවිය හැකියි. යම් යම් වෙනස් කිරීම් කරන්න උත්සහ කරනවා. ඒ සදහා ආයෝජන මාර්ග සදහා ප්‍රවිෂ්ට වෙන්න ඔබ උත්සහ කරනවා. ඔබගේ ආදායම් ශක්තිය පවා වර්ධනය වෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය ඉතාම යෝග්‍ය මට්ටමකට උදා වෙනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්ව පපුව ආශ්‍රිත රෝගී තත්ව පුංචියට ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා. ආගමික වතාවත්වල නිරත වෙන්න. සිතේ සතුට වර්ධනය වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කර ගැනීමේ හැකියාව පවතිනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 09

කලාකාමී කටයුතු අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. තරඟකාරී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ජවසම්පන්න කටයුතු ක්‍රිඩාශීලි කටයුතු සාර්ථකත්වයට පත්විය හැකියි. කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. ජලය ආශ්‍රිත කටයුතු වලදී දියරමය දේවල් ආශ්‍රිත ක්‍රියාවලියන් වලදී ඔබගේ ආරක්ෂාව පිළිබඳව ඔබගේ ගෞරවය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. අන් අයගේ ආකර්ෂණය හිමි වෙනවා. එම ආකර්ෂණය නිසාම ඔබට විපත් කරදර ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. රිය ධාවනයේදී තමන් වගේම අන් අයගේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. ගුප්ත අසනීප ඇති විය හැකියි. අසල්වාසීන්ගේ උදව් උපකාර හිමි වෙනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03

කායික ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමකට වර්ධනය වෙනවා. අලුත් යාලු හිතමිතුරන් ඇති වෙනවා. බොහෝ විනෝදකාමී තත්වයන්ට මුහුණ දිය හැකි වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගන්න නිසි මාර්ග විවර වෙනවා. යම් යම් කේන්ති සහගත සිතුවිලි වර්ධනය වුනත් සිතුවිලි පාලනය කරගෙන ඔබට ජයග්‍රහණ උදා කරගන්න පුළුවන්. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. අන් අයගේ ධන මාර්ග වලට පවා ඔබට උපකාර කිරීමට සිදු වෙනවා. අතුරු ආදායම් මාර්ග විවර වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06

අන් අයත් සමග බොහොම සතුටෙන් ප්‍රීතියෙන් කල්ගත කිරීමේ හැකියාව පවතිනවා. බොහෝ දැනුම බෙදා ගැනීමේ හැකියාව පවතිනවා. භාෂා ඥානය භාවිතා කරන්න පුළුවන්. ඔබට භාෂා දැනුම පවතිනවානම් අද දවසේ වැඩි වාසි හිමි වෙනවා. කායික ශක්තිය දියුණු කර ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා. ගේදොර, යාන වාහන, වතුපිටි ආදීය සම්බන්ධව වැඩි උනන්දුවක් ඇති වෙනවා.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 05

ඔබගේ හදවත සම්බන්ධ පුංචි පුංචි රෝග ඇතිවිය හැකියි. තමන්ගේ සිතුවිලි වඩාත් සක්‍රීය වෙනවා. ආදායම් මාර්ග විවර කර ගැනීම පිලිබදව පුළුල් මානසිකත්වයකින් සිතා බලනවා. දුරබැහැර යාළුවන් සමග හිතමිත්‍රකම් වර්ධනය වෙනවා. අලුත් සබඳතා තුලින් ආදායම් වර්ධනය කර ගන්න ඔබ උත්සහ දරනවා. ඔබගේ පෞරුෂය වර්ධනය කර ගන්න ඔබ කටයුතු කරනවා. තරඟකාරී ඕනෑම කටයුත්තකට සාර්ථකව මුහුණ දිය හැකි වෙනවා. වියදම තරමක් ඉහල යන්න පුළුවන්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 02

කලාකාමී කටයුතු ඉතාමත්ම ශක්තිමත් වෙනවා. අන් අයගේ කටයුතු වලට ඔබ වැඩි වශයෙන් මහන්සි වෙනවා. ඔබට පෙරලා උපකාර ලැබීමේ ඉඩකුත් පවතිනවා. වියදම් පාර්ශවය තරමක් ඉහල යාවි. තාක්ෂණික මෙවලම් මිලදී ගන්න පරිපාලනමය ද්‍රව්‍ය මිලදී ගන්න පොත්පත් ආශ්‍රිත කටයුතු වලටත් යම් මුදලක් වියදම් කිරීමට සිදු වෙනවා. තමන්ගේ දෙමව්පියන්ගේ කටයුතු වලටත් කාලය මිඩංගු කිරීමට සිදු වෙනවා. තමන්ගේ යානවාහන ගේදොර ඉඩකඩම් අලුත්වැඩියා කරන්න අද දවසේ කාලය මුදල් සොයා ගැනීමට සිදු වේවි. අධ්‍යාපනික කටයුතු උසස් මට්ටමක පවත්වා ගත හැකියි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

වාග් ශක්තිය ඔබගේ පෞරුෂය වර්ධනය වෙනවා. ඔබගේ රූප ස්වභාවයට අන් අය ආකර්ෂණය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වීමේ ඉඩකඩ වැඩියි. ඔබගේ පෞරුෂය මුල්කර ගෙන ඔබ කියන වචන වලට අන් අයගේ ගෞරවය හිමි වෙනවා. පහසුවෙන් අන් අය ලවා ඔබගේ කටයුතු කරවා ගැනීමේ හැකියාව පවතිනවා. රැකිරක්ෂා වෙළදාම් ආශ්‍රිතව ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්න ඉඩකඩ පවතිනවා. වෙනදට වඩා වැඩි ආදායම් මාර්ග විවර කරගත හැකි වෙනවා. දණහිස ආශ්‍රිත පුංචි පුංචි රෝගී තත්ව ඇති වුනත් කාර්යබහුල ස්වභාවය නිසා ඒ දේවල් අමතක වෙනවා. අසල්වාසීන් සමග ගණුදෙනු කිරීමේදී ප්‍රවේසම් වෙන්න. සහෝදරයන්ගෙන් පවා පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09

කල්පනාකාරීව ගතකල යුතු දිනයක්. වම අත වම පාදය ආශ්‍රිත රෝගී තත්ව වගේම ඔබගේ සෞඛ්‍ය පිරිහීමට ලක්වීම නිසාත් අවලාද අපහාස උපහාස අහල ඔබගේ මානසික තත්වය පිරිහීමට ලක්වීම නිසාත් බොහෝ කටයුතු අඩාල වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරී වෙන්න ඉවසිලිවන්ත වෙන්න ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ ඇසුර අපේක්ෂා කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 04

ජීව ශක්තිය කායික ශක්තිය වඩ වඩාත් වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබට ලැබෙන වැඩ අපහසුවෙන් වුවත් කරගැනීමෙන් දවස සාර්ථක කරගත හැකියි. මානසික ශක්තිය යම් ප්‍රමාණයකට ව්‍යාකුල වේවි. අධික ලෙස කාර්යබහුල වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. හොදින් ජලය පානය කරන්න. වාග් ශක්තිය වර්ධනය වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් ආදායම් ලබනවා. පරිපාලනමය ගැටළු දුරුකර ගත හැකි වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 01

හැගීම් වලට වහල් වෙලා තීන්දු තීරණ ගන්නේ නැතුව බුද්ධියෙන් තීන්දු තීරණ ගත යුතුයි. මුල්‍ය පරිපාලන කටයුතු වලට යෝග්‍යයි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. යානවාහන සම්බන්ධ පොත්පත් සම්බන්ධ කටයුතු වාසනාවන්ත වෙනවා. හවුල්කාර කටයුතු තමන්ගේ ලගම ඉන්න යාළුවන්ගෙන් තරමක පිඩා ඇතිවිය හැකියි. සියුම් සතුරු කරදර ඇතිවිය හැකියි. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08

අලුත් ආදායම් මාර්ග විවර වෙනවා. ඥාන ශක්තිය වර්ධනය වෙනවා. හිත මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. බොහෝ ආදායම් මාර්ග පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. උගත් උසස් පුද්ගලයන්ගේ, වැඩිහිටියන්ගේ, පියපස ඥාතීන්ගේ, වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. ඒ හරහා බොහෝ දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. දේපල ඉඩකඩම් පිලිබදව බාධා කම්කටොලු තිබුණානම් ඒවා දුරුකර ගන්න පුළුවන්. රැකියාවේ උසස්වීම් ආර්ථික ක්‍රමවේද අද දවසේදී උදා වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

සමාජ ගෞරවට පාත්‍ර වෙනවා. පෙරපින ඉස්මතු වෙනවා. අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව ලැබෙනවා. වෙළඳාම් කටයුතු වල පුංචි පුංචි බාධාකාරී තත්ව නිර්මාණය වුවත් වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබිලා ඒවා යටපත් වෙනවා. අන් අයගේ වචන විශ්වාස කරලා කරන කටයුතු වලින් පුංචි හෝ බාධාකාරී තත්වයක් ඇති වුනත් ඔබට චිත්ත ශක්තිය වර්ධනය කර ගත්තොත් දවස සාර්ථක කරගත හැකියි. රැකිරක්ෂා කටයුතු වලට ඉල්ලුම් කරන්න අද දවස යෝග්‍යයි. ඉදිකිරීම් සමබන්ධ කටයුතු වලට අතගහන්න සුභයි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353