News Line| Off Air
Generic placeholder image

Dec
20

ලංකාව ගොඩගන්න එන හතුරුසිංහගේ පැටිකිරිය මෙන්න. – EXCLUSIVE

1609 Views


ලංකාව ගොඩගන්න එන හතුරුසිංහගේ පැටිකිරිය මෙන්න. – EXCLUSIVE

චන්දික හතුරුසිංහ කියන්නේ වර්තමානයේ ඉන්න සාර්ථකම ක්‍රිකට් පුහුණුකරු. ඒ ගැන අායේ කතා දෙකක් නෑ. හතුරු ක්‍රියාවෙන්ම එ් ගැන ඔප්පු කරලා තියෙනවා. බංගලාදේශ ක්‍රිකට් ගොඩගත්ත හතුරුසිංහ දැන් ලංකාවේ ගැලවුම්කාරයා වෙලා අැවිත් ඉන්නවා. ගොඩක් අය හතුරුසිංහව අඳුරන්නේ පුහුණුකරුවෙක් විදියට විතරයි. ඔහු ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු තරඟ ගැන දන්නේ නෑ. ඉතිං අපි හිතුවා හතුරුසිංහගේ ඉතිහාසය පොඩ්ඩක් හාරා අවුස්සලා බලන්න.

උපුල් චන්දික හතුරුසිංහ තමයි ඔහුගේ සම්පූර්ණ නම. 1968 සැප්තැම්බර් 13 වෙනිදා කොළඹදී තමයි ඔහු ඉපදිලා තියෙන්නේ. මේ වෙද්දී හතුරුට වයස අවුරුදු 49 ක්. දකුණත් පිතිකරුවක් සහ, දකුණත් මඳ වේග පන්දු යවන්නෙක් විදියට තමයි හතුරු දස්කම් දක්වන්නේ. තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදියට තමයි හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්නේ. 1991 පෙබරවාරි 22 දා නවසීලන්තයට එරෙහිව තමයි හතුරුසිංහ ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නේ. ටෙස්ට් තරඟ 26 කට සහභාගී වෙලා ලකුණු 1,274 ක් ලබා ගෙන තියෙනවා. එ් අර්ධ ශතක 8 ක් එක්ක. ටෙස්ට් තරඟයකදී රැස්කරපු වැඩිම ලකුණු ගණන 83 ක්. මද වේග පන්දු යවන්නෙක් විදියට ඔහු ටෙස්ට් කඩුලු 17 ක් දවාගෙන තියෙනවා. ලකුණු 66 ට කඩුලු 4 ක් විදියට තමයි හතුරුගේ හොදම පන්දු යැවීම විදියට සැලකෙන්නේ. 1999 මාර්තු 4 පකිස්ථානය එක්ක තිබ්බ තරඟයෙන් පස්සේ හතුරුසිංහගේ ටෙස්ට් දිවිය නිමා වෙනවා.

රොෂාන් මහානාමගේ සහයට හිටිය හොදම අාරම්භක පිතිකරු විදියට තමයි හතුරුසිංහ එ් දවස්වල සැලකුණේ. එ් වුනත් පසුකාලයක සනත් ජයසූරියට අාරම්භක ස්ථානය දීලා හතුරුසිංහ මැද පෙළට යනවා. ශක්තිමත් මැදපෙළ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදියට එතන ඉඳන් ස්ථාවර වෙනවා.

චන්දික හතුරුසිංහ ජාත්‍යන්තර එක්දින වරම් ලබා ගන්නේ 1992 ජනවාරි 10 පාකිස්තානයට එරෙහිව. එ් වගේම ඔහුගේ අවසන් එක්දින තරඟය වෙන්නෙත් 1999 මාර්තු 19 පාකිස්තානයට එරෙහි තරඟයක්. එක්දින තරඟ 35 කදී ලකුණු 665 ක් ඔහු ලබාගෙන තියෙනවා. එ් අර්ධ ශතක 4 ක් එක්ක. එක්දින කඩුලු 14 ක් හතුරුසිංහ ලබා ගෙන තියෙනවා. ඔය විදියට තමයි හතුරුසිංහගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සටහන් වෙන්නේ.

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post