5 ශිෂ්‍යත්වය කියන්නේ පොඩ්ඩොන්ගේ වැදගත්ම විභාගය. පොඩ්ඩන්ට වඩා අම්මලාට තමයි ශිෂ්‍යත්ව විභාගයට වුවමනාව තියෙන්නේ. ඉතිං පොඩ්ඩන්ට රටේ නැති පොරොන්දු දීලා පාඩම් කරවනවා. සමහර වෙලාවට පාසල්වල ගුරුවරුත් කියනවා වැඩිම ලකුණු ගත්ත ළමයින්ට තෑගි දෙනවා කියලා.
තලංගම උතුර බත්තරමුල්ල සුබෝධි කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමාත් එ් වගේ පොරොන්දුවක් දුන්නා. එ් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ට වඩා ගන්න ළමයින්ට මවුන්ටන් බයික් තෑගි දෙනවා කියලා. පාසල් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් පාසලේ ළමයි 8 දෙනෙක්ම මෙ සැරේ ශිෂ්‍යත්වේ සමත් වෙලා තිබ්බා. එ් අතරිනුත් දෙන්නෙක් ලකුණු 180 ට වඩා අරගෙන තියෙනවා. ටියාෂා සහ තිසුලි කියන සිසුවියන් දෙන්නා තමයි ලකුණු 180 බැගින් අරගෙන තිබ්බේ.
එ් සිසුවියන් දෙන්නා අැතුලු ශිෂ්‍යත්වය සමත් වුන හැමෝටම උපහාර තියෙන උත්සවයක් පහුගිය දා තිබ්බා. එදා පොරොන්දු වුන විදියට වැඩිම ලකුණු ගත්ත සිසුවියන් දෙන්නට මවුන්ටන් බයිසිකල් අරන් තෑගි කරා. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා සනාත කරමින් එ් සිසුවියන් දෙන්නා බයිසිකල් දෙක අායේ විදුහල්පතිතුමාට බාර දුන්නා. එ් ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වය සමත්වෙන සිසුන්ට දෙන්න. මේ සිසුවියන් දෙන්නා දීපු අාදර්ශය ඉතාම වටිනවා.