ඉන්දියාවයි පාකිස්තානයි අසල්වැසියන් වුනාට එච්චර හිත හොඳ අය නෙවෙයි. සැරින් සැරේට මොකක් හරි හේතුවක් නිසා කොක්කක් දා ගන්නවා. ඉන්දියාවයි පාකිස්තානයයි අතර න්‍යෂ්ටික යුද්ධයක් වෙන්න පුළුවන් කියලා පාකිස්තානය කියනවා.
ඉස්ලාමාබාද් නුවර තිබ්බ අාරක්ෂක සමුළුවකදී පාකිස්තානයේ ජාතික අාරක්ෂක උපදේෂක ලුතිනන් ජෙනරාල් නසීර් ඛාන් ජන්ජුවා තමයි මේ ගැන කිව්වේ. එ් වගේම චීනයේ ඉදන් පාකිස්තානය හරහා යන අලුත් සේද මාර්ගයට අයත් අාර්ථික වේදිකාවටත් අැමරිකාවයි, ඉන්දියාවයි කඩාකප්පල් කරන්න හදනවා කියලා ඔහු චෝදනා කරනවා.
කොහොම වුනත් ඉන්දියාවයි පාකිස්තානයයි යුධ වැදුනොත් ලංකාවටත් අහිතකර ප්‍රථිඵල අත්විදින්න වෙනවා. මොකද තෝරු මෝරු ගහගනිද්දී හාල්මැස්සොන්ට තමයි තැලෙන්න වෙන්නේ.