News Line| Off Air
Generic placeholder image

Dec
20

රුසියාව තුල සිලෝන් ටී තහනම් කළ කුරුමිණියා, ලංකාවේ එකෙක් නෙවෙයි.

1372 Views


රුසියාව තුල සිලෝන් ටී තහනම් කළ කුරුමිණියා, ලංකාවේ එකෙක් නෙවෙයි.

ලංකාවේ තේ වලට රුසියාව තාවකාලික තහනමක් පැනෙව්වා. එ් ලංකාවෙන් යවපු තේ බහාලුමක කුරුමිණියෙක් ඉඳලා හම්බුණ නිසා.

“කප්රා බීට්ල්” කියන මේ කුරුමිණි විශේෂය මෙච්චර කාලෙකට ලංකාවෙන් හම්බෙලා නෑ. එ්ක සහතිකවම කියන්න පුළුවන් බව ලංකා තේ පර්යේෂණ අායතනයේ සභාපති එම්. එන්. එ්. පී. ගවරම්මා මහතා කියනවා. රුසියාව හම්බුනා කියන කුරුමිණියා ඉඳලා තියෙන්නේ තේ වලවත්, තේ අසුරලා තියෙන අැසරුම් වලවත් නෙවෙයි. “කප්රා බීට්ල්” කියන කුරුම්ණියා ඉඳලා තියෙන්නේ තේ අපනයනය කරපු කන්ටේනරය අැතුලේ.

එ් නිසා ලංකාවේ තේ වගාකරුවන් හරි වෙනත් කෘෂි බෝග වගාකරුවන් හරි අනවශ්‍ය බියක් අතිකර ගන්න අවශ්‍ය නෑ.


News Articles
Latest Videos
Most Popular Post