News Line| Off Air
Generic placeholder image

Dec
20

මාස 9 කට පසු සුපිරි ප්‍රහාරකයා ලංකා කණ්ඩායමට එක්වෙයි. අද පන්දුවාර 20 කණ්ඩායමේ සිදුවන වෙනස්කම් මෙන්න.

2011 Views


මාස 9 කට පසු සුපිරි ප්‍රහාරකයා ලංකා කණ්ඩායමට එක්වෙයි. අද පන්දුවාර 20 කණ්ඩායමේ සිදුවන වෙනස්කම් මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරඟාවලිය අද අාරම්භ වෙනවා. තරඟය පැවැත් වෙන්නේ බරභාති ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. රාත්‍රී තරඟයක් වෙන අද තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 7.00 ට අාරම්භ වෙනවා. ශ්‍රී ලංකා පිළ අන්තිමටම T20 තරඟයක් දිනලා තියෙන්නේ මාස 09 කට කලින්. එ් අප්‍රේල් මාසයේදී බංගලාදේශයට එරෙහිව. ලංකාව මේ අවුරුද්දේ T20 තරඟ 12 කට සහභාගී වෙලා තරඟ 5 ක් විතරයි දිනලා තියෙන්නේ. එ් නිසා අද තරඟය ලංකාවට ඉතාම වැදගත් වෙනවා.

අාබාධයකට ලක්වෙලා හිටිය කුසල් ජනිත් අද තරඟයට ක්‍රීඩා කරන්න සූදානමක් තියෙනවා කියලා ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ලංකාවේ කඩුල්ල පිටුපස වගකීම බාර දීලා තියෙන්නේ දික්වැල්ලට. ලාහෝර් සංචාරයේදී ලංකාවේ අාරම්භය ලබා ගත්ත ඩිල්ෂාන් මුණවීරට මේ තරඟයේ අවස්ථාවක් ලැබිලා නෑ. එ් නිසා දනුෂ්ක සහ දික්වැල්ල අද ලංකාවේ අාරම්භය ලබා ගන්න ඉඩ තියෙනවා. චතුරංග ද සිල්වා ලංකාවේ වමත් දඟ පන්දු යවන්නා විදියටත් අකිල ධනංජය පිට ඳඟ පන්දු යවන්නා විදියටත් කටයුතු කරනවා. කොහොම වුනත් ක්‍රීඩා කරන අවසන් 11 දෙනා හවස තමයි හරියටම තීරණය කරන්නේ.

එක්දින තරඟාවලියේදී ලංකාවට හිසරදයක් වුන ශිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් අද තරඟයට සහභාගී වෙන්නේ නෑ. එ් නිසා ලංකාවට එ්ක ලොකු වාසියක් වේවි. නායක විරාත් කෝලි නැති නිසා මේ තරඟයට නායකත්වය දෙන්නෙත් ශර්මා. කොහොම වුනත් ඉන්දීය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් අයි.පී.එල්. ප්‍රවීණයන් වීම නම් ලංකාවට එච්චර හිතකර නෑ.

විස්සයි විස්ස තරඟ වලදී දෙපිළම කරට කර දක්ෂතා දක්වලා තියෙනවා. එ් නිසා අද තරඟයේ තීරණය ගැන දැන්ම අනාවැකි කියන්න බෑ. කොහොම වුනත් අපි බලමු තිසරගේ නායකත්වට ලංකාවේ T20 පරාජයේ ඉඩෝරයට තිත තියන්න පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post