News Line| Off Air
Generic placeholder image

Dec
20

තද සුළං නිසා ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු අඟවයි.

630 Views


තද සුළං නිසා ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු අඟවයි.

දීවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල තද වැසි ඇති විය පුළුවන් කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ නිසා සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ තියෙනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 80ක් දක්වා ඉහළ යන්න පුළුවන් කියලයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා.ඒ නිසා ධීවර ප‍්‍රජාව මේ ගැන විමසිලිමත් ඉන්න ඕන.

ඒ වගේම උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. දකුණු පළාතේ මෙන්ම රත්නපුර සහ කලූතර දිස්ත‍්‍රික්කවලත් මිලිමීටර 75 ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. උතුර, උතුරු මැද සහ මධ්‍යම පළාත් වලත් හම්බන්තොට, මොණරාගල සහ මාතර දිස්ත‍්‍රික්ක වලත් විටින් විට හමන තද සුළං ඇති වෙනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්න අවශ්‍ය පියවර ගන්න කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉලා සුටිනවා.

මේ අතර මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි නිසා කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරලා තියෙනවා. ඒ නිසා වේල්ලට පහළින් කොත්මලේ ජලාශය පරිහරණය කරන ජනතාවට විමසිලිමත් වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post