News Line| Off Air
Generic placeholder image

Dec
21

ගෙදරදීම එ්ඩ්ස් පරීක්ෂා කර ගන්න විදිය මෙන්න. (VIDEO)

1950 Views


ගෙදරදීම එ්ඩ්ස් පරීක්ෂා කර ගන්න විදිය මෙන්න. (VIDEO)

එ්ඩ්ස් කියන්නේ මේ වෙද්දී ලෝකයේ වේගයෙන් පැතිර යන මාරාන්තික රෝගයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා තමයි ප්‍රධාන වශයෙන්ම එ්ඩ්ස් බෝ වෙන්නේ. එ් වගේම එන්නත් කටු මඟින්, ටැටූ කටු මඟින්, රුධිර පරවිල්‍යනයෙන් වගේම අම්මාගෙන් දරුවාටත් එ්ඩ්ස් බෝ වෙන්න පුළුවන්. එ් වුනත් ගොඩක් අය දන්නේ නෑ තමන්ට එ්ඩ්ස් තියෙනවා කියලා.

හැබැයි ඕනෑම කෙනෙක්ට රජයේ රෝහලකින් හරි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් හරි එ්ඩ්ස් පරීක්ෂාව කර ගන්න පුළුවන්. එ්ත් ලැජ්ජාව නිසා ගොඩක් අය එහෙම පරීක්ෂා කර ගන්නේ නෑ. එ් නිසා ගෙදර ඉඳන්ම එ්ඩ්ස් පරීක්ෂා කර ගන්න ක්‍රමයක් හඳුන්වලා දෙන්න යනවා. ජාතික ලිංගාශ්‍රිත සහ එඩ්ස් මර්ධන වැඩසටහන තමයි මේ වැඩේ කරන්නේ.

විශේෂ තීරු පටියක් මුඛයේ ශ්ලේෂ්මල පටලයේ තැවරුවාම එ් තීරු පටියේ වර්ණය වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනවා නම් එ් පුද්ගලයාට එ්ඩ්ස් තියෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. මේ විදියට වර්ණය වෙනස් වෙන අය එ්ඩ්ස් මර්ධන වැඩසටහනට අාවම අායෙත් ප්‍රතිදේහ පරීක්ෂාවක් කරනවා. එ්කෙන් බලා ගන්න පුළුවන් හරියටම එ්ඩ්ස් තියෙනවද නැද්ද කියලා.

එක්සත් ජාතීන්ගේ එ්ඩ්ස් මර්ධන වැඩසටහනත් එක්ක කරපු මේ පරීක්ෂණ සාර්ථක වෙලා තියෙනවා. එ් නිසා නියමු ව්‍යාපෘතියක් විදියට ලබන අවුරුද්දේ ජුනි මාසයේ ඉඳන් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. කාට හරි මේ පරීක්ෂණය කර ගන්න ඕන නම් ඉදිරියේදී ෆාමසි වලින් මේ පටිය ගන්න පුළුවන්.

https://youtu.be/SHlKoKM_Xfg


News Articles
Latest Videos
Most Popular Post