පන්දුවාර 20 අවසන් වෙද්දී ඉන්දීයාව කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා. ලංකාවට ලකුණු 181 ක ඉලක්කයක් ලැබුණා. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට අාවේ තරංග සහ දික්වැල්ල. දික්වැල්ල ලකුණු 13 කට දැවී ගියා. ලංකාවේ වැඩිම ලකුණු ලාබියා වුනේ තරංග. ඔහු වේගවත් ලකුණු 23 ක් රැස් කරා. එ් එක් හතරේ පහරක් සහ දැවැන්ත 6 පහර දෙකක් එක්ක. එක් අන්තයක තනිවුන කුසල් මෙන්ඩිස් ලංකා ඉනිම ගොඩගන්න උත්සහා කරත් අනිත් පිතිකරුවන්ගෙන් ඔහුට සහයක් ලැබුණේ නෑ. කුසල් ලකුණු 19 කට දැවී ගියා. මැතිව්ස් එක ලකුණුයි. නායක තිසර ලකුණු 3 යි. දුෂ්මන්ත චමීර 4 පහර 2 ක් එක්ක ලකුණු 12 ක් රැස් කරා. පන්දුවාර 16 ක් අවසන් වෙද්දී සියලු දෙනාම දැවී ලකුණු 87 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. ශ්‍රී ලංකා ඉනිම විනාශ කරපු චහාල් කඩුලු 4 ක් දවා ගත්තා. පාණ්ඩ්‍යා කඩුලු 3 යි. යාදව් කඩුලු 2 ක් දවා ගත්තා.
ඉන්දියාවට ලකුණු 93 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. තරඟයේ වීරයා වුනේ යුස්වෙන්ද්‍ර චහල්. මේ තරඟයේදීත් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත් වුණා. හැබැයි සමහර එ්වා නම් ලංකාවට අවනම්බුවක් ගෙන දුන්න එ්වා.
* ලංකාව පිට පිටම පරාජය වුණ 6 වෙනි තරඟය මේක. තව එක තරඟයක් පරාජය වුනොත් ලංකාවේ නරකම T20 අවුරුද්ද මේක වෙනවා.
* ලංකාව T20 තරඟයක දැවී ගිය දෙවෙනි අඩුම ලකුණු ගණන. ගිය අවුරුද්දේ ඉන්දියාවට එරෙහිව ලකුණු 82 කට දැවීයාම තමයි අඩුම T20 ලකුණු ගණන.
* T20 තරඟයකදී ඉන්දියාව ජයග්‍රහණය කල වැඩිම ලකුණු ගණන විදියට ඊයේ ජයග්‍රහණය වාර්තා වුණා.
* T20 තරඟයකදී ලංකාවේ ක්‍රීඩකයෙක් කිසිම 6 හෝ 4 පහරක් එල්ල නොකර රැදී සිටිය තුන්වෙනි වැඩිම පන්දු ගණන විදියට කුසල් ජනිත් රැදී සිටිය පන්දු 28 වාර්තා වුණා. මීට කලින් මැතිව්ස් පන්දු 32 කදී කිසිම 6,4 පහරක් නැතුව ක්‍රීඩා කරලා තියෙනවා.
* ඉන්දියාවේ ක්‍රීඩකයෙක් ලංකාවට එරෙහිව යවන ලද තුන්වන හොදම පන්දු යැවීම විදියට චහල්ගේ පන්දු යැවීම වාර්තා වුණා.
* T20 තරඟවලදී කඩුලු රකින ක්‍රීඩකයෙක් ලබා ගත්ත වැඩිම උඩපන්දු ගණනට හිමි වාර්තාව සම කරන්න දෝනි සමත්වුණා. දෝනි සහ සංගා T20 උඩ පන්දු 133 ක් රැකගෙන තියෙනවා.
* T20 තරඟයකදී වැඩිම වාර ගණනක් දවා ගැනීම 4 කට වඩා සම්බන්ද වුණ ක්‍රීඩකයින් අතර පළවෙනි තැනට එන්න දෝනි සමත් වුණා. එ් ඊයේ ලබා ගත් උඩ පන්දු 2 සහ ස්ටම්ප් කිරීම් 2ත් එක්ක. දෝනි අවස්ථා 3 කදී දවා ගැනීම් 4 කට වඩා සම්බන්ධ වෙලා තියෙනවා.
* T20 තරඟයකදී කඩුලු රකින්නෙක් දාවා ගත් දෙවන වැඩිම කඩුලු ගණන විදියට දෝනි වාර්තා අතරට ගියා. ඔහු දවා ගැනීම් 200 ක් කරලා තියෙනවා.
තරඟාවලියේ තව තරඟ 2 ක් ඉතිරිවෙලා තියෙනවා. අපි බලමු එ් තරඟ දෙකේදිවත් ලංකාවේ නම්බුව රැක ගන්න පුළුවන් වෙයිද කියලා.