News Line| Off Air
Generic placeholder image

Dec
23

අද ලග්න 3 ක් අඹුසැමියන්ගේ දුදරුවන්ගේ කටයුතු වලදී සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලා ගන්න.

2488 Views


අද ලග්න 3 ක් අඹුසැමියන්ගේ දුදරුවන්ගේ කටයුතු වලදී සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලා ගන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 23 සෙනසුරාදා

රාහු කාලය පෙ.ව 09.13 සිට10.41

සුභ දිශාවදකුණ

මරු සිටින දිශාව නැගෙනහිර

 

 

 

 

මේෂ ලග්නය

බලාපොරොත්තු ඉටුවන දවසක්. ගරු සැලකිලි ලැබෙන පීරිස් බලයක් ලැබෙන දවසක්. මුදල් තත්වය යහපත් වේවි. සතුරන් මිතුරන් කරගෙන ක්‍රියා කරන්න. ගෙදරදොර පවා සාමකාමිවන දවසක්. උදාසීන නොවීමට වගබලා ගන්න. ඔබට ආත්ම ශක්තිය උපතින් ලැබී ඇති නිසා අභියෝග ජය ගැනීමට හැකි වේවි. කේලම් ඕපාදුප වලින් පරිස්සම් වෙන්න. රැකියාව ව්‍යාපාර කටයුතු සමාජ ඇසුර තැනට සුදුසු නුවණ කටයුතු කරන්න.

ජය වර්ණය කොළ පැහැය                         ජය අංකය 03

වෘෂභ ලග්නය

සියලු බාධක යටපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඥාති මිතුරන් අතර හොද නම ඇති වේවි. රැකිරක්ෂා ව්‍යාපාර මෙන්ම අධ්‍යාපන කටයුතු වල සෑම දෙනාටම බොහෝ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකියාව ලැබේවි. දෙමාපියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම තුලින් වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. උසස් අයගේ අවධානය ඔබ වෙතට යොමු වන්නේ ඔබගේ අවංකභාවය කෙලින් කතා කරන ගතිය හේතු කරගෙනයි.

ජය වර්ණය තැඹිලි පැහැය                         ජය අංකය 07

මිථුන ලග්නය

අද දවස බොහෝ ඉවසීම තැනට සුදුසු නුවණ හිත පාලනය කර ගැනීම සෑම දෙයක් ගැනම සිතාබලා වැඩිහිටි උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගන්න. ඔබ නොදැනුවත්වම ඔබගේ ගෞරවයට කැළලක් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ආරක්ෂා වන්න. රැකියා ව්‍යාපාර කටයුතු වලදී සමාජ ඇසුරේදී ගමන් බිමන් වලදී කල්‍යාණ මිත්‍ර ඇසුර පවත්වා ගන්න. ගෙදරදොර අඹුසැමියන්ගේ දුදරුවන්ගේ කටයුතු වලදී උපදෙස් පිළිපදින්න. ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගන්න.

ජය වර්ණය දම් පැහැය                 ජය අංකය 04

 

කටක ලග්නය

ගෙදරදොර කටයුතු වල ආහාර පරිභෝජනයේදී ගමන් බිමන් වලදී සිහි නුවණින් කටයුතු කලයුතු දවසක්. අඹුසැමියන් එකිනෙකට ඇහුම්කන් දීම ගෞරව කිරීම කල යුතුයි. දරුවන් ගැන සැලකිලිමත් වෙන්න. සිත් තැවුල් ඇතිවිය හැකියි. ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු හොදින් කරගෙන යාමට ආර්ථික ශක්තිය පවත්වා ගැනීමට හැකි වෙනවා. ඔබගේ නිහතමානිකම මතු වෙනවා.

ජය වර්ණය රන්වන් පැහැය                                   ජය අංකය 06

සිංහ ලග්නය

ඔබට උසස් අයගේ ඇසුර ඇති වීමටත් ඔබ නොසිතු හොද මිතුරන් ලැබීමටත් සිතේ ප්‍රීතිය ඇති වීමටත් හේතුවන දවසක්. අනාගත බලාපොරොත්තුවක් ඉටු වීමේ පෙරනිමිති දැක ගත හැකියි. අධික ලෙස කාර්යබහුල වේවි. අඹුසැමියන් දරුවන් අතර ප්‍රීතියෙන් දිනය ගත කිරීමට හැකි වේවි. අධික වියදම් ඇති වීමට නිෂ්පල ගමන් යාමට ඉඩ ඇති බැවින් එයින් වලකින්න. ඔබගේ ආත්ම විශ්වාසය පෙරදැරිව කටයුතු කරන්න.

ජය වර්ණය තැඹිලි පැහැය                         ජය අංකය 07

කන්‍යා ලග්නය

දුර දක්නා නුවණින් කටයුතු කලොත් අද දවස ඔබගේ සෑම කටයුත්තක්ම ඔබ හිතන පතන ආකාරයටම ඉටු කර ගැනීමට හැකි දවසක්. ඔබට වෙහෙස මහන්සි වීමට සිදු වේවි. මිල මුදල් වැය වීමට ණය තුරුස් වීමට සිදු වෙනවා. කතාබහේදී තීන්දු තීරණ ගැනීමේදී ප්‍රවේසම් වෙන්න. සමාජයේ පිළිගත් අයවලුන් අමනාප නොවන අන්දමට වගබලා ගන්න. කේලම් ඕපාදුප ඇසීමෙන් වලකින්න. අවනම්බුවක් ලැජ්ජාවක් ඇති නොවීමට වගබලා ගන්න. ඔබගේ පෙරපින මතු වෙනවා.

ජය වර්ණය ක්‍රීම් පැහැය                 ජය අංකය 09

 

තුලා ලග්නය

සෑම අභියෝගයක්ම ජය ගැනීමට බලාපොරොත්තු ඉටු වීමට පීරිස් බලයක් ලැබීමට වගේම ශරීර සනීපය යහපත් වීමට හේතුවන අතර තම බලය ඉස්මතු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආර්ථික ශක්තිය නැවත ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. අද දවස කල්පනාවෙන් ක්‍රියා කල යුතුයි. සතුරු බලවේග ඇති විය හැකි දවසක්. චිත්ත පිඩා ඇතිවන දවසක්. දුර දක්නා නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය කොළ පැහැය                        ජය අංකය 04

 

 

වෘශ්චික ලග්නය

 

නොයෙක් ආකාරයේ සිතුවිලි අලුත් අදහස් ඇති වීමට ගමන්බිමන් ලියකියවිලි ඥාතීන් හිතවතුන් සම්බන්ධයෙන් පදිංචිය සම්බන්ධයෙන් පහළවන අලුත් අදහස් ප්‍රමාද වීමට කරන වැඩ අවසාන කිරීමට මැලි වීමට උදාසීන වීමට ඉඩකඩ නොතබා ක්‍රියාකළ යුතු අතර ගෙදර සිටින අයගෙන්ද පිටින් ආශ්‍රය කරණ අයගෙන්ද කුඩා ළමයින්ගේ ආශ්‍රය නිසා හිතට කරදර ඇති වේවි. ලොකු රැවටීමකට හසුවිය හැකියි. ඔබ නොකළ දේකට දොස් ඇසීමට සිදු විය හැකියි. ඥාතීන් අමනාප විය හැකියි. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 01

 

 

ධනු ලග්නය

ශරීර සෞඛ්‍යට වරින්වර බාධා ඇති වීමට හිතේ අමුතු අහංකාර ගතියක් ඇතිවීමට හැකියාවක් තියෙනවා. ධන හානි සිදුවිය හැකියි. රැකියා ව්‍යාපාර කටයුතු අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන ආකාරයට තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. වෙහෙස ඇති ගමන් යාමට සිදු වේවි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ගමන් බිමන් වලදී ආරක්ෂා වන්න. නීති උපදෙස් පිළිපදින්න. අභියෝග ජය ගැනීමට ඇති හැකියාව නිසා ගරු සැලකිලි ලැබේවි. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය රෝස පැහැය              ජය අංකය 09

 

 

මකර ලග්නය

වියදම් පක්ෂය අධික වේවි. බුද්ධිමත්ව කටයුතු කරන්න. සිතේ සැනසීම යටපත් වීමට හේතුවිය හැකි දවසක්. ඔබගේ තරාතිරම අනුව සැලසුම් සහගතව තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. ආත්ම ශක්තිය වර්ධනය කරන අතර උත්සාහයේ ප්‍රථිපල නෙලා ගැනීමට හැකිවන දිනයක්. ආගමනුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය නිල් පැහැය               ජය අංකය 05

 

 

කුම්භ ලග්නය

සෑම අතින්ම වරප්‍රසාද හිමිවන දවසක්. දුරදක්නා නුවණින් කටයුතු කරන්න. ඔබගේ රැකියාව ව්‍යාපාරය දේශපාලන කටයුතු ග්මනබිමන් සමාජ ඇසුර ඇතුළුව ගෙදරදොර වාසනා ශක්තිය තැනට සුදුසු නුවණින් අන් අයගේ හිත නොරිදෙන ආකාරයට කටයුතු කරන්න. සිතට කයට ක්‍රමානුකුලව සතුට ප්‍රීතිය ලං කර ගැනීමට මිනිස්කම පෙරදැරි කරගෙන කටයුතු කරන්න.

ජය වර්ණය නිල් පැහැය                ජය අංකය 07

 

 

මීන ලග්නය

සිත් තැවුලක් ඇති වීමට වියදම් අධික වීමට ඥාතීන් අමනාප වීමට ඉඩ නොතබා කටයුතු කිරීමට වගබලා ගන්න. ඕපාදුප කතා වලින් ආරක්ෂා වන්න. තමන් ගැන ගුණ වැනුමක් ඇති වීමටත් ඔබගේ ක්‍රියාවක් සම්බන්ධව සමාජයේ කතා බහක් ඇති වීමටත් ඉඩ තියෙනවා. උසස් අයගෙන් ප්‍රධානීන්ගෙන් තෑගි බෝග ලැබීමට පවා ඉඩ තියෙනවා. ලාභ ප්‍රයෝජන හිමි වෙනවා. ඔබගේ දැනුමට වටිනාකමක් ලබා දීමටත් හැකි වෙනවා.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 05

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 448 644


News Articles
Latest Videos
Most Popular Post