News Line| Off Air
Generic placeholder image

Dec
23

ආරම්භක පිතිකරුවන් දිනා ගත් තරඟය මැදපෙළ පිතිකරුවෝ පාවාදෙයි. ලංකාවට කැළලක් ඇති කළ වාර්තා මෙන්න.

575 Views


ආරම්භක පිතිකරුවන් දිනා ගත් තරඟය මැදපෙළ පිතිකරුවෝ පාවාදෙයි. ලංකාවට කැළලක් ඇති කළ වාර්තා මෙන්න.

ඊයේ තරඟයෙනුත් ලංකාව දැවැන්ත පරාජයක් අත්කර ගත්තා. කෝලි නැති උනත් තමන්ට තරඟ දිනවන්න පුළුවන් කියලා රෝහිත් ෂර්මා අයෙත් සැරයක් ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි නායකයා නම් කණ්ඩායමේ තමන්ගේ කාර්ය ,ඔකක්ද කියන ප්‍රශ්නය අයෙත් මතු කරලා තියෙනවා. ඉන්දෝර් ක්‍රීඩාංගනයේ ආරම්භ වුන තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ තිසර. මුලින්ම පන්දු රකින්න තීරණය කරා.

සුපිරි ආරම්භයක් ලබා ගන්න ෂර්මා සහ රාහුල් සමත් වුනා. දෙදෙනා පළවෙනි කඩුල්ලට දැවැන්ත ලකුණු 165 ක් සබඳතාවක් ගොඩනැගුවා. රෝහිත් ෂර්මා පන්දු 43 කදී අධිවේගී ලකුණු 118 ක් ලබා ගත්තා. දැවැන්ත 6 පහර 10 ක් සහ 4 පහර 10 ක් එක්ක. පළවෙනි තරඟයේ වගේම දෙවෙනි තරඟයේත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ලෝකේශ් රාහුල් ලකුණු 89 ක් ලබා ගත්තා. ඒ 4 පහර 5 ක් සහ 6 පහර 8 ක් එක්ක. ඉන්දීය ආරම්භක පිතිකරුවන්ගේ හයේ පහර වර්ශාවෙන් පිටියේ ගිනිකෙළි සංදර්ශනයක් මැවුනා. දෝනි ලකුණු 28 යි. පාණ්ඩ්‍ය ලකුණු 10 යි. අයියර් ලනුනු නොලබාම දැවී ගියා.

ලංකාවේ කිසිම පන්දු යවන්නෙක්ට ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රහාරයෙන් බේරෙන්න බැරි වුණා. නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් ලබා ගත්තා. චමීර එක කඩුල්ලයි. පන්දු ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ඇතිවුන ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වුණා. පන්දුවාර 20 අවසන් වෙද්දී ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් ලබා ගත්තා.

ලකුණු 261 ක් දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යන්න ලංකාව පිටියට ආවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා නැතුව. ඒ නිසා ලංකාවට ලැබුනේ කඩුලු 9 ක් විතරයි. ලංකාවේ ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එත් මැදපෙළ පිතිකරුවන් පෙරහැර වගේ පිටියට ඇවිත් දැවී ගියා. දික්වැල්ල ලකුණු 25 යි. ඊට පස්සේ පිටියේ එක්වුණා තරංග සහ කුසල් ජනිත් ඉන්දියාවට හිසරදයක් වුණ සබඳතාවක් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා දෙවෙනි කඩුල්ලට වේගවත් ලකුණු 109 ක් සබඳතාවක් ගොඩනැගුවා. තරංග 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් සමගින් ලකුණු 45 යි. මස 9 කට පස්සේ පිටියට ආපු කුසල් ලංකාවේ ඉනිම ගොඩගන්න උත්සහා කරා. ඔහු වේගවත් ලකුණු 77 ක් ලබා ගත්තා. ඒ දැවැන්ත 6 පහර 7 ක් සහ 4 පහර 4 ක් එක්ක. ඉන්පසු ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 5 ට වඩා ලබා ගන්න බැරි වුනා. තිසර සහ අසේල පළවෙනි පන්දුවෙන්ම දැවී ගියා. සදීර සහ අකිල ලකුණු 5 බැගින් ලබා ගත්තා.

ලංකාවේ අන්තිම කඩුලු 6 ලකුණු 16 කදී දවා ගන්න ඉන්දීය පන්දු යවන්නන් සමත්වුනා. ඕවර 17 යි පන්දු 2 කදී සියලු දෙනාම දැවී ගියා. ලංකාවට ලකුණු 172 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. ඉන්දියාවට ලකුණු 88 ක් තවත් දැවැන්ත ජයක් අත්වුණා. චහල් අදත් ලංකාවේ කඩුලු 4 ක් දවා ගත්තා. යාදව් කඩුලු 3 යි. තරඟයේ වීරයා වුනේ රෝහිත් ෂර්මා. සුපුරුදු පරිදි ඊයෙත් ලංකාවට කැළලක් වුන වාර්තා රැසක් අලුත් වුනා. මේ තියෙන්නේ ඒ වාර්තා ගොන්න.

* ඉන්දියාවේ තුන්වෙනි විශාලතම T20 ජයග්‍රහණය.

* T20 තරඟවල වසරකදී ලබා ගත්ත තුන්වෙනි වැඩිම කඩුලු ගණනට හිමි වාර්තාව අලුත් කරන්න චහල් සමත්වුනා. ඔහු මේ අවුරුද්දේ T20 කඩුලු 23 ක් ලබාගෙන තියෙනවා. වසරකදී ලබා ගත්ත වැඩිම T20 කඩුලු ගණනට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ කඩුලු 28 ක් ලබා ගත්ත බුම්රා.

* T20 තරඟයකදී එල්ලවුණ දෙවෙනි වැඩිම 6 පහර ගණන. ඊයේ තරඟයේදී දෙපිළම 6 පහර 31 ක් ලබාගෙන තිබ්බා.

* ඉන්දියාව T20 තරඟයක් දෙවෙනි වැඩිම ලකුණු ගණන විදියට ඊයේ තරඟය ලකුණු 88 වාර්තා වුනා.

* T20 ඉනිම 3 කදිම කඩුලු 4 බැගින් දවා ගත්ත දඟ පන්දු යවන්නන් 3 වෙන්න චහල්ට පුළුවන් වුනා.

මේ තරඟයේ ජයත් එක්ක T20 තරඟාවලියේ ජයත් ලබා ගන්න ඉන්දියාවට පුළුවන් වුනා. තව එක තරඟයක් විතරක් ඉතිරිවෙලා තියෙනවා. අඩුම තරමේ ලංකාවට ඒ තරඟයවත් දිනා ගන්න පුළුවන් වුනොත් වෙලා තියෙන අවනම්බුව ටිකක් අඩු කර ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post