News Line| Off Air
Generic placeholder image

Dec
25

අද ලග්න දෙකකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

854 Views


අද ලග්න දෙකකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 25 සඳුදා

රාහු කාලය: පෙ.ව. 07.46 සිට 09.17

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

 

 

මේෂ ලග්නය

වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. අන් අයට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. සතුටෙන්, සමාදානයෙන් කාලය ගත කරන්න හැකියාව වාසනාව ලැබෙනවා. සුළු සුළු කම්මැලි සහගත තත්ව උදා වුනත් තමන්ගේ කටයුතු දවස තුල අවසන් කර ගැනීමට හැකියාව ලැබෙනවා. කායික ශක්තිය වගේම මානසික ශක්තියත් තමන්ගේ කටයුතු වලට වියදම් වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 08

වෘෂභ ලග්නය

තරමක් කල්පනාකාරීව කාලය ගතකල යුතුයි. මානසික පීඩාකාරී ස්වභාවයන් විටින් විට ඇතිවිය හැකියි. රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිළිබද වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. අන් අයගේ කටයුතු වලටත් මැදිහත් වෙන්න සිදු වෙනවා. සිතුවිලි වඩාත් ක්‍රියාත්මක වෙනවා. අන් අයගේ කරුණාව ඔබට නිරන්තරයෙන්ම හිමි වෙනවා. කෙටි ගමන් බිමන් යන්න ආරාධනා ලැබෙනවා. සිතට සතුට වර්ධනය වෙනවා. තරමක වියදම් ඉහල යා හැකියි.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 03

මිථුන ලග්නය

තරඟකාරී කටයුතු වලින් ජය හිමි වෙනවා. මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වල නිරත වෙලා ඉන්න අයෙක් නම් තරමක් කාර්යබහුල වේවි. චිත්ත පිඩා ඇතිවීමේ ඉඩකඩ පෙන්නුම් කරනවා. චෝදනා අපහාස වලට ලක් වෙන්න පුළුවන්. දුදරුවන්ගේ කටයුතු වලට කාලය මිඩංගු කිරීමට සිදු වෙනවා. වියදම් පාර්ශවය තරමක් ඉහල යා හැකියි.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                               ජය අංකය: 01

 

කටක ලග්නය

මානසික පීඩාකාරී ස්වභාව, වියවුල් ස්වභාව ඇති වුනත් ඔබ ගන්න තීන්දු තීරණ වෙනස් කරන්න ඔබ එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. තරමක කාර්යබහුල ස්වභාවයක් වගේම රස්තියාදු වීමේ ඉඩකඩකුත් පවතිනවා. කෙටි ගමන් බිමන් යන්න යහපත් දිනයක්. පුංචි පුංචි ආමාශගත රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. රෝගී තත්ව වලින් නොරෝගී සුවය අත් වෙනවා. කායික ශක්තිය වර්ධන්ය වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                                    ජය අංකය: 03

සිංහ ලග්නය

ජයග්‍රහණයන් අත්කර ගතහැකි දිනයක්. සුළු සුළු රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. දරුවන්ගේ කටයුතු වලට වැඩි වශයෙන් මහන්සි වෙන්න සිදු වෙනවා. කෙටි ගමන් බිමන් ඇති වෙනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. විදේශගත සමබන්ධතා ශක්තිමත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. අසල්වාසීන් සමග හොදහිත වර්ධනය වෙනවා. අලුත් යාලු මිත්‍රකම් ඇතිකර ගන්න වාසනාව උදා වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                                        ජය අංකය: 09

කන්‍යා ලග්නය

තරමක් කල්පනාකාරී වෙන්න. අසල්වාසීන්, ඥාතීන් සමඟ කරන ගණුදෙනු වලදී ඉවසිලිවන්ත වන්න. තමන්ගේ පෞරුෂය වර්ධනය කරගැනීමේ ඉඩකඩ වෙන් වෙනවා. ඔබේ වචන වලින් අන් අයව දිනා ගැනීමේ හැකියාව පවතිනවා. අලුත් අධ්‍යාපනික කටයුතු දියුණු කර ගන්න ඉඩකඩ පවතිනවා. දැනුම වර්ධනය වෙනවා. බුද්ධිය පුළුල් කරගැනීමේ ඉඩකඩ ලැබෙනවා. උගත් උසස් පුද්ගලයන්ව ආශ්‍රය කරන්න අවස්ථාව හිමි වෙනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                                ජය අංකය: 08

 

තුලා ලග්නය

මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ජලය සම්බන්ධ කටයුතු වැඩිහිටියන් සමග මිශ්‍ර වෙලා කරන සෑම කටයුත්තක්ම පහසුවෙන් සාර්ථක කරගත හැකියි. තරමක් වෙහෙසකර ගති ලක්ෂණ වලින් ඈත් වෙලා නිරෝගී සුවයෙන් සතුටෙන් සැහැල්ලුවෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. වචන භාවිතා කරද්දී ප්‍රවේසම් වන්න. අන් අයව වසඟ කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                                ජය අංකය: 05

 

 

වෘශ්චික ලග්නය

 

කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. පාද ආශ්‍රිත, ඇස ආශ්‍රිත, මුඛ ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙනවා. අන් අයගේ චෝදනා අවලාද අපහාස උපහාස ඔබට එරෙහිව නිර්මාණය වීමේ ඉඩකඩ පවතිනවා. ඉවසිලිවන්තව තීන්දු තීරණ ගන්න. කෙටි ගමන් බිමන් වලින් පීඩාකාරී ස්වභාව නිර්මාණය වෙනවා. අනවශ්‍ය ගමන් බිමන් වලින් වලකින්න. ජිවිතයට අලුත් බලාපොරොත්තු එක් කර ගන්න එතරම් යහපත් දිනයක් නොවේ.

ජය වර්ණය: ලා දම් පැහැය                                    ජය අංකය: 03

 

 

ධනු ලග්නය

මනසට යම් වෙහෙසකර ස්වභාවයක් ඇතිවිය හැකියි. කෙතරම් කාර්යබහුල වුවත් තමන්ගේ කටයුතු අවසන් කරන්න උත්සහ කරනවා. අධික කාර්යබහුලත්වය නිසා ඇතැම් කටයුතු අතපසු වෙන්න පුළුවන්. ඒවා සදහා පුංචි පුංචි චෝදනා ඇති වුවත් ඒවා ගණන් නොගෙන කටයුතු කිරීම වඩාත් වැදගත්. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී නම් බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුයි. අත්සන් තැබීම වැනි කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. ඉවසිලිවන්තව තීන්දු තීරණ ගන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                                         ජය අංකය: 07

 

 

මකර ලග්නය

රැකිරක්ෂා වෙළඳාම් කටයුතු පිලිබදව යම්කිසි ජවසම්පන්නභාවයකින් කටයුතු කරන්න පෙළඹෙනවා. උගත් උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ඔබට ලැබෙනවා. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න. ඉවසිලිවන්ත, නම්‍යශීලි ප්‍රතිපත්ති අනුගමනය කලොත් ඇති වෙන්න පුළුවන් බාධා අවම වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු කිරීම් වලදී ඉහල රාජ්‍ය නිලධාරීන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී ප්‍රවේසම් වන්න.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                  ජය අංකය: 05

 

 

කුම්භ ලග්නය

ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ඇති වෙන්න පුළුවන්. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා. කාලයක් පවතින නමක් අත්පත් කර ගන්න පුළුවන්. අන් අයගේ ප්‍රසාදය ඔබට හිමි වෙනවා. ගුප්ත කටයුතු වලින් පවා ජයග්‍රහණ අත්පත් කරගත හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු, සන්නිවේදනය ආශ්‍රිත කටයුතු වලින් ඔබ කීර්තියකට පත් වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යන්න අවස්ථාව ලැබෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                                      ජය අංකය: 08

 

 

මීන ලග්නය

චිත්ත පීඩා, මානසික අසහනකාරී ස්වභාව, පදිංචිය පිළිබඳව කනස්සලු සහගත තත්ව ඇති වෙනවා. ලේ ඥාතීන්ගෙන් චෝදනා වලට ලක් වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. කොන්ද, තුනටිය ආශ්‍රිත රෝගී තත්ව උත්සන්න වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. වැඩිහිටියන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙන්න. ගමන් බිමන් යන්න සිදු වෙනවා. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                                                 ජය අංකය: 05

 

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post