බංග්ලාදේශය එක්ක තියෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරඟාවලියට 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කරලා තියෙනවා. ඉදිරියේදී මේ සංචිතයෙන් 15 දෙනෙක් තෝරගන්න නියමිතයි. නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අනුදැනුම මත තමයි ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචිතය තෝරගෙන තියෙන්නේ.
තෝරගත්ත ක්‍රීඩකයන්ට දැනට ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් වලකින්න කියලා හතුරුසිංහ ඉල්ලීමක් කරලා තියෙනවා.මේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර අරගෙනත් තියෙනවා. නම් කරපු කණ්‌ඩායමේ පුහුණුවීම් ලබන 28 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
කොහොම වුනත් හතුරුසිංහගේ පැමිණීමත් එක්ක එක්‌දින පිලේ ස්‌ථානය අහිමි වෙලා හිටපු දිනේෂ් චන්දිමාල්ට තමන්ගේ ස්‌ථානය හිමිවෙද්දී, දිගින් දිගටම ප්‍රසාද දීමනා මගින් ස්‌ථානය හිමිව තිබුන ළහිරු තිරිමාන්නට එළියට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු සංචාරයේ ස්‌ථානය අහිමි වෙලා තිබුන කුසල් මෙන්ඩිස්‌ව සංචිතයට එක්‌කරලා තියෙනවා. අදාළ තරඟාවලියට තාමත් නායකයක් පත්කරලා නෑ. ගොඩක් දුරට ඇන්ජලෝ මැතිව්ස්‌ට හරි දිනේෂ් චන්දිමාල්ට නායකත්වය දෙන්න හතුරුසිංහ ලෑස්තිවෙලා ඉන්නවා කියලයි අපිට ආරංචි වෙන්නේ.
ලබන ජනවාරි 15 වැනිදා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියක් පැවැවෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව බංග්ලාදේශය එක්ක ටෙස්‌ට් සහ විස්‌සයි විස්‌ස තරන්ගාවලියකට සහභාගි වෙන්න නියමිතයි.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්‌ට් තරඟ දෙකක් පැවැත්වෙන අතර පළමු ටෙස්‌ට් තරග ජනවාරි 31 වැනිදාත්, දෙවෙනි තරඟය පෙබරවාරි 8 වැනිදාත් පැවැත්වෙනවා. ඊට පස්සේ විස්‌සයි විස්‌ස තරඟ 2ක් පෙබරවාරි 15 සහ 18 වැනිදා පැවැත්වෙන්න නියමිතයි.
මේ තියෙන්නේ නම් කරපු ක්‍රීඩකයන් 23 දෙනාගේ සංචිතය
තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩ්‍රසි, අමිල අපොන්සු, ලක්‍ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා.