News Line| Off Air
Generic placeholder image

Dec
26

සමහරු තාමත් සැක කරන, ක්‍රිකට් නීතී පවා වෙනස් කළා කියන මුරලි පන්දු දමා ගැසීමේ චෝදනාවට වසර 22යි. (VIDEO)

818 Views


සමහරු තාමත් සැක කරන, ක්‍රිකට් නීතී පවා වෙනස් කළා කියන මුරලි පන්දු දමා ගැසීමේ චෝදනාවට වසර 22යි. (VIDEO)

1995 වසරේ අද වැනි දිනක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා MCG ක්‍රීඩා පිටියේදී. තරඟයේ විනිසුරුවන් ලෙස කටයුතු කලේ ඔස්ට්‍රේලියානු ජාතික ඩැරල් හෙයාර් සහ නවසීලන්ත විනිසුරු ස්ටීව් ඩන්. මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් හෙයාර් විනිසුරු විසින් සත් වරක් ඔහුව නිපන්දුකරණය කරා.

තම ක්‍රීඩා දිවිය පුරාම විවිධ අවස්ථාවල මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව කථාබහට ලක්වී තිබෙනවා. දැනට පවතින සියඵම රසායනාගාර පරික්ෂණ මඟින් මුරලිගේ පන්දු යැවීමේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට සමත් වුවත් අදටත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට සහ ඔහුව ක්‍රීඩාවේ තබා ගැනීම සඳහා ක්‍රිකට් පොතේ නීති වෙනස් කල බවට විශ්වාස කරන පිරිස් සිටිනවා.

හිටපු ක්‍රීඩකයන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ,විනිසුරුවන් ගේ පමණක් නොව ඇතැම් දේශපාලන නායකයන්ගේ පවා විවේචනයට ලක් වූ මුරලි එම සියඵ අභියෝග ජය ගෙන ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම දග පන්දු යවන්නා බවට පත්වීම අගය කල යුතුයි.

https://youtu.be/pCNHYBAiyiQ

https://youtu.be/6J5hjUuE_m0


News Articles
Latest Videos
Most Popular Post