News Line| Off Air
Generic placeholder image

Dec
26

මැකෝ ගෙන් කාන්තාවන්ට විශේෂ සැළකිලි. ලංකාවේ ප්‍රථම වතාවට පිරිමි පුළුටක්වත් නැති ඡන්ද මධ්‍යස්ථාන රටපුරා.

680 Views


මැකෝ ගෙන් කාන්තාවන්ට විශේෂ සැළකිලි. ලංකාවේ ප්‍රථම වතාවට පිරිමි පුළුටක්වත් නැති ඡන්ද මධ්‍යස්ථාන රටපුරා.

ලංකාවේ මැතිවරණ ක්‍රමයේ කාන්තාවන්ට තියෙන්නේ කුඩම්මාගෙ සැළකිල්ලක්. හැබැයි එ් ක්‍රමේ වෙනස් කරන්න මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ලොකු උත්සහායක් ගන්නවා. මෙවර ගමේ ඡන්දෙදි කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙන්න මැ.කෝ අලුත් වැඩක් පටන් අරන් තියෙනවා.

එ් තමයි පිරිමි පුළුටක්වත් නැති මැතිවරණ මධ්‍යස්ථාන රට පුරා පිහිටුවන්න. මේ මැතිවරණ මධ්‍යස්ථානවල ජේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ ඉඳලා පහළම කම්කරුවා දක්වා ඉන්නේ කාන්තාවන් විතරයි. එ් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරිවලට යොදවන්නේ පොලිස් කාන්තාවන් විතරයි. ජංගම මුරසංචාර සඳහාත් පොලිස් කාන්තාවන් විතරමලු යොදවන්නේ. කොටින්ම කියනවා නම් ජංගම මුරසංචාර රථවල රියදුරන් පවා කාන්තාවන්ලු.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ මේ අලුත් වැඩේ නම් හොදයි. මොකද කාන්තාවන් එක්ක සෙල්ලම් බෑනේ. එ් මධ්‍යස්ථානවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න ගියොත් සෙරෙප්පු පාරක් කාලා තමයි යන්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post