News Line| Off Air
Generic placeholder image

Dec
26

2017 දෙසැම්බර් 31 පස්සේ WhatsApp පාවිච්චි කරන්න බැරි ජංගම දුරකථන ලැයිස්තුව මෙන්න.

3896 Views


2017 දෙසැම්බර් 31 පස්සේ WhatsApp පාවිච්චි කරන්න බැරි ජංගම දුරකථන ලැයිස්තුව මෙන්න.

Facebook Messenger හා කරට කර තරඟ වදිමින් සමාජ මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න, ජංගම දුරකතන යෙදවුමක් තමයි WhatsApp කියලා කියන්නෙ. ඒ වගේම බොහෝ දෙනා භාවිතා කරන කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පහසුම මෘදුකාංගය වෙන්නෙත් WhatsApp. හැබැයි එළඹෙන අලුත් අවුරුද්දෙ ඉඳලා WhatsApp සමාගම අලුත් වෙනස්කම් කිහිපයක් WhatsApp යෙදවුමට එකතු කරන්න යනවා කියල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

ඒ අනුව 2017 දෙසැම්බර් 31 වෙනිදා ඉඳලා BlackBerry OS, BlackBerry 10 සහ Windows Phone 8.0 සහ ඊට වඩා පැරණි මෙහෙයුම් පද්ධති තියෙන ජංගම දුරකතන වල WhatsApp භාවිතා කරන්න බැහැ.

වින්ඩෝස් 7 දුරකථන, ඇන්ඩ්‍රොයිඩ් 2.1, ඇන්ඩ්‍රොයිඩ් 2.2 සහ iOS 6 වැනි මෙහෙයුම් පද්ධති සඳහා WhatsApp යාවත්කාලීන (Updates) කිරීම්ද 2016 අවුරුද්දේදී නතර කරුණා. ඒ වගේම 2017 ජූනි 30 වෙනිදා ඉඳන් Symbian S60 ක්‍රියාත්මක වන Nokia ජංගම දුරකථන සඳහා වන යාවත්කාලීන කිරීම්ද නතර කරා.

මේ හේතුව නිසා ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන (Update) කරගන්න වෙනවා. එහෙමත් නැත්තං අලුත් දුරකතනයකට මාරුවෙන්න ඔබට සිද්ධ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post