News Line| Off Air
Generic placeholder image

Dec
27

ලංකාවට ආපු චීන මහාචාර්යවරයෙක් තාවකාලිකව පැවිදිවෙයි.

4749 Views


ලංකාවට ආපු චීන මහාචාර්යවරයෙක් තාවකාලිකව පැවිදිවෙයි.

ථේරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව. ලෝකය පුරාම ථේරවාදී බුදු දහම පතුරුවන්න තාමත් විශාල මෙහෙවරක් ලංකාවෙන් වෙනවා.

පහුගිය දවසක තවත් අපූරු පිංකමක් අවුකන බුද්ධ ප්‍රතිමාව ඉස්සරහදි සිද්ධ වුනා. චීන ජාතින මහාචාර්වරයෙක් සහ තවත් තුන්දෙනෙක් තාවකාලික පැවිද්ද ලැබුවා. අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමිගේ ප්‍රධානත්වයෙන් තමයි පිංකම සිද්ධ වුනේ. චීනයේ තාලියෙන්හි පදිංචි ව්‍යාපාරිකයෙකු වුන වන් ලී ගෝ, දුම්රිය සේවකයෙකු වුන වං හුයි සහ චීන විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය මහාචාර්ය යං ජුන් තමයි මේ විදියට තාවකාලික පැවිද්ද ලබා ගත්තේ.

තාලියම් පදුමකිත්ති, තාලියම් පඤ්ඤකිත්ති සහ තාලියම් සුමනකීර්ති යන නම් වලින් තමයි ඔවුන් තාවකාලික පැවිද්ද ලබා ගත්තේ. අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් මේ අවස්ථාවේදී දේශනා කලේ “අවුකන පුදබිමට චීන ජාතික බොහෝ දෙනෙක් අැවිත් අාගමික වතාවත්වල නිරත වෙනවා. එ් අතර චීනයේ පදිංචිව සිටි මේ කණ්ඩායම බුදු දහම කෙරෙහි වැඩි අැල්මක් දක්වමින් තාවකාලික පැවිද්ද ඉල්ලා සිටියා. දෙසතියක කාලයක් විහාරස්ථානයේ වැඩ හිදිමින් බුදු දහම පිළිබද ඉගෙනගැනීම සහ භාවනායෝගීව වැඩ සිටීම සිදු කරනවා.” කියලයි.


News Articles
Latest Videos
Most Popular Post