News Line| Off Air
Generic placeholder image

Dec
27

හොල්මන් බියකින් යාපනය කැලඹේ. 09 ක් මරුට. හේතුව දන්නේ නෑ.

3445 Views


හොල්මන් බියකින් යාපනය කැලඹේ. 09 ක් මරුට. හේතුව දන්නේ නෑ.

අපි ජිවත් වෙන්නේ 21 වෙනි සියවසේ වුනත් හොල්මන්, භූතයෝ ගැන විශ්වාස කරන අය තවමත් ඉන්නවා. ලෝකයේ දැනට තියෙන තාක්ෂණයට තවමත් හොයාගන්න බැරි වුන දෙයක් නිසා ලෝකයේ බොහෝ දෙනෙක් මේ ගැන තදින්ම විශ්වාස කරන්න පෙළඹිලා. කොහොම වුනත් මේ විදිහේ භූත බලවේගයක්‌ ගැන පැතිර යන ආරංචියක්‌ නිසා යාපනයේ ජනතාව මේ දවස්වල ලොකු බයකින් ඉන්නේ. මේකට ඉතාම ආසන්න හේතුව වෙලා තියෙන්නේ කෙටි කලක්‌ තුළ යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යෑම. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව වෙලා හිටපු පවුල් දාමයක්.

මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනෙකු ඉන්නවා. මේ අය මිය ගියපු හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කරන්න යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට තාම පුළුවන් වෙලා නෑ කියල තමයි යාපනයේ ජනතාව චෝදනා කරන්නේ.

මේ නිසා ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ ජනතාව වගේම යාපනයේ මාධ්‍ය ද වාර්තා කරලා තියෙන නිසා යාපනයේ ජනතාවගේ භූත බය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා.

යාපනයේ ගොඩක් දෙනෙක් තමන්ට රාත්‍රි කාලයේදී එක එක විදිහේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වුන බවත් තමන් මුහුණ දීපු සිද්ධී එකිනෙක විස්‌තර කිරීම නිසා යාපනයේ ජනතාවට මේ භූත බලවේගය ගැන විශ්වාසය දැඩි වෙලා තියෙනවා.

කොහොම වුනත් යාපනයේ වැසියන් කියන්නේ පහුගිය දවස්වල යාපනයේ ක්‍රියාත්මක වුන “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බයකින් යාපනයේ ජනතාව මේ අද්භූත බලවේගය නිසා මානසිකව පීඩා විඳීමත්, බයට පත්වීමත් දකින්න තියෙනවා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post