Fm & Tv Sri Lanka Facebook පිටුව කියන්නේ ලංකාවේ මාධ්‍ය අායතනවල පුවත් මුලින්ම සහ ඉක්මනින්ම ලබාදෙන පළවෙනි සහ ප්‍රධානම ෆේස්බුක් පිටුවක්. ඔවුන් පහුගිය දවස්වල Facebook හරහා සමීක්ෂණයක් කරා. එ් ලංකාවේ රේඩියෝ නාලිකා ගැන.
ලංකාවේ රේඩියෝ නාලිකාවල Facebook පිටු 2017 අවුරුද්දේ කොහොමද හැසිරුනේ කියලයි ඔවුන් බලලා තිබ්බේ. Facebook පිටුවලට ජනතාව ලබා දීපු Feedback, එ්වාගේ වර්ධනයන් ඔවුන් සැලකිල්ලට අරන් තිබ්බා. එ්කෙදි සියත FM නාලිකාව 2017 ජනතාවගේ හදවතේ නාලිකාව කියන සම්මානය ලබා දුන්නා.
සාමාජ මාධ්‍ය ජාල තුල සියතට ලබා දුන්න මේ ගෞරවයට ඔබට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. හැමදාමත් ශ්‍රාවකයන් වෙනුවෙන්ම සියත FM කැපවෙලා ඉන්නවා. ඉස්සරහටත් සියත FM අහගෙන ඉන්න ගමන් සියත FM Fan Page එකත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ඔබට අාරාධනා කරනවා.