දැන් දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් ප්‍රවණතා එනවා. T10 සහ Last Man Stand තරඟාවලිය මේ අවුරුද්දේ පැවැත්වුන එ් වගේ තරඟාවලි 2 ක්. ලබන පෙබරවාරි මාසයෙත් එ් වගේ අපූරු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙනවා.
එ් තමයි “අයිස් ක්‍රිකට්” තරඟාවලිය. අයිස් හොකී, අයිස් පෝලෝ වගේ තරඟ අයිස් උඩ සෙල්ලම් කරාට අයිස් ක්‍රිකට් ගැන නම් අම්මා මුත්තා කාලෙවත් අහලා තිබ්බේ නෑ. ඔන්න දැන් එ්කත් පටන් ගන්න යනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් රැසක් මේ තරඟාවලියට සහභාගී වෙන්න නියමිතයි. ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධනත් අයිස් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වෙනවා.
එ් වගේම කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබලයෝ වුන ෂයිඩ් අෆ්රිඩි, විරේන්ද්‍ර ෂෙවාග්, මොහොමඩ් කයිෆ් සහ නේදම් මැකලම් වගේ ක්‍රීඩකයෝත් අයිස් ක්‍රිකට් තරඟාවලියට එනවා.
රෝයල්ස් සහ ඩයමන්ඩ් කියලා කණ්ඩායම් 2 කින් තමයි තරඟ වදින්නේ. එ් වගේම තරඟාවලියේ සියලුම තරඟ විස්සයි විස්ස තරඟ විදියට තමයි පැවැත්වෙන්නේ. ලබන අවුරුද්දේ පෙබරවාරි 08, 09 දවස් දෙකේ තමයි තරඟාවලිය පැවැත්වෙන්නේ. සීතල අයිස් උණුසුම් කරවන තරඟාවලියක් අපිට බලා ගන්න පුළුවන් වේවි.