News Line| Off Air
Generic placeholder image

Dec
30

ඇස්වහ, කටවහ දෝෂ දුරුකරගෙනම 2018 ට සුදානම් වෙන්න.

2444 Views


ඇස්වහ, කටවහ දෝෂ දුරුකරගෙනම 2018 ට සුදානම් වෙන්න.

2017 අවුරුද්දේ අන්තිම දවස්දෙක තමයි මේ ගෙවෙන්නේ. මේ අවුරුද්දේදී ඔබට තිබුන ග්‍රහ දෝෂ 2018 ට අරගෙන යන්න අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් අපි මේ ඔබට කියන්න යන්නේ ඔබට, ඔබේ පවුලට සහ ඔබේ නිවසට 2019 අවුරුද්ද සෞභාග්‍යමත් වසරක් කරගන්න පුළුවන් රහසක්. හරියටම 2019 ජනවාරි පළවෙනිදට මේ වැඩේ ඔබට කරන්න පුළුවන් නම්, ඔබේ නව වසරම සෞභාග්‍යමත් කරගන්න ඔබට පුළුවන් වෙනවා. පහතින් අපි ඔබට කියන දේවල් ලක ලෑස්ති කරගෙන දැන්ම වැඩේ පටන් ගමු.

– මෙන්න මේවා තමයි ඔබට අවශ්‍ය දේවල්:
නැවුම් මුට්ටියක්, කපු ඇට, අඟුරු, එළ අබ, ඇට ඇටි පහ, දෙහි ඉත්තක්, සමන්පිච්ච මල්, සුදු රෙදි කැබැල්ලක්.

 

 

– මෙන්න මෙහෙමයි මේ ටික එකතු කරගන්නේ.
පිරිසිඳු නැවුම් මුට්ටියට පෙරාගත් පිරිසිඳු ජලය පුරවලා, ඒකට කපු ඇට, අඟුරු, එළ අබ, ඇට ඇටි පහ, සමන්පිච්ච මල් දාන්න. ඊට පස්සේ ඒකේ කට සුදු රෙද්දකින් වහලා ගැටගහන්න. මේ විදිහට හදාගත්ත මුට්ටිය පැය 03 කට පැත්තකින් තියන්න ඕන. ඊට පස්සේ “සබ්බ පාපස්ස…”ගාථාවෙන් 07 වරක්, “දස දිසා පිරිතෙන්” 21 වරක් ජීවම් කරගන්න ඕන.
මේ විදිහට කරලා, මේ පැන් ටික දෙහි ඇත්තෙන් අරගෙන ඔබේ මුහුණ, අතපය හෝදගන්න. ගෙදර අනිත් සාමාජිකයන්ටත් දෙහි ඇත්තෙන් පැන් අරගෙන මුහුණ, අතපය හෝදගන්න කියන්න. අන්තිමට ඉතුරු වෙන පැන් ටික ඔබේ නිවසට, ඉඩමට ඉහින්න.

මේ ක්‍රමය කරාම ඔබට පහුගිය කාලය පුරාම තිබුන ඇස්වහ, කටවහ ඇතුළු දොස් දුරුවෙලා සෞභාග්‍යමත් වසරක් උදා කරගන්න පුළුවන්.

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post