සමාජ ජාල අතර ඉහළින්ම තියෙන නමක් තමයි Facebook. ඉතින් වයස් අවුරුදු 13 ට වැඩි අයට විතරක් විවෘත වෙලා තිබුන Facebook එක පහුගිය දවසක අමුතු වැඩක් කළා. ඒ තමයි තමන්ගේ බාල වයස්කාර පාරිභෝගිකයන්ට අලුත් ඇප් එකක් හදුන්වා දීම.
Facebook එක වයස අවුරුදු 13ට වැඩි වැඩිහිටි පිරිසට විතරක් නිර්මාණය කරලා තිබුනත් පර්යේෂකයන් කියන්නේ වයස අවුරුදු 13ට අඩු මිලියන 20කට අධික පිරිසක් Facebook භාවිත කරන බවයි.
Facebook විසින් හඳුන්වල දුන්න මේ අලුත් App එක භාවිතා කරන්න නම් බාල වයස්කරුවන් සිය වැඩිහිටියන්ගේ අවසරය ගන්න වෙනවා. ඒ වගේම එහි දත්ත කිසි වෙලාවක වෙළඳ දැන්වීම් සඳහා භාවිත නොකරන බවටත් Facebook සමාගම සදහන් කරනවා.
‘Messenger Kids’ යන නමින් තමයි මේ අලුත් Application එක හඳුන්වන්නේ.