News Line| Off Air
Generic placeholder image

Dec
30

ජනවාරි පළවෙනිදට ලෝකෙටම බලන්න පුළුවන්, අහසේ සිද්ධ වෙන අමුතුම දේ.

947 Views


ජනවාරි පළවෙනිදට ලෝකෙටම බලන්න පුළුවන්, අහසේ සිද්ධ වෙන අමුතුම දේ.

2017 අවුරුද්දේ ඔබට බලන්න පුළුවන් වන සුපිරි සඳ ගිය නොවැම්බර් වල ඔබ දැක්කා. සියත 24 අපි ඒ ගැන ඔබට සුවිශේෂී ඡයාරූප කිහිපයකුත් ගෙනාවා. ඉතින් ඔන්න 2018 අවුරුද්දේ ඔබට බලන්න පුළුවන් සුපිරි සඳ ගැන විස්තරෙත් මුලින්ම කියන්නේ අපි.

2018 ජනවාරි 1 දා ග්‍රිනීච් වේලාවෙන් අලුයම 2.24 ට ලෝකේ හැමෝටම සුපිරි සඳ දැක ගන්න පුළුවන් වෙනවා. “වුල්ප් මූන්” කියල තමයි මේක හඳුන්වන්නේ. මේ සුපිරි සඳ, දැනට අපිට පේන පූර්ණ චන්ද්‍රයාට වඩා සියයට 7 ක්‌ විශාලත්වයෙන් දර්ශනය වෙනවා. දීල තියෙන වේලාවට අනුව ආසියාවට සුපිරි සඳ දැක ගන්න පුළුවන් වෙන්නේ නම් පෝයට පස්සේ දවසේ. ඒ කියන්නේ ජනවාරි 2 දා. එත් කමක් නැහැනේ. සාමාන්‍යයෙන් පෝය දවසටත් අපට හඳ පැහැදීලිව බලන්න පුළුවන් නිසා පෝය දවසට පහුවෙනිදට වුනත් අපිට වෙනදට වැඩිය වෙනස් විදිහට මේ සුපිරි සඳ බලන්න පුළුවන් වෙයි.

ඔබේ ප්‍රදේශයට ජනවාරි 02 දා සුපිරි සඳ ඔබේ ප්‍රදේශයට පෙනුනේ කොහොමද කියල Photo, අපේ සියත FM Fan Page එකට Inbox කරන්නත් අමතක කරන්න එපා.

https://youtu.be/R0FZr0MOWNc


News Articles
Latest Videos
Most Popular Post