News Line| Off Air
Generic placeholder image

Dec
30

2017 අවුරුද්දට ලංකාවේ කෙනෙක් කරපු අන්තිම ගිනස් වාර්තාව මෙන්න. (PHOTOS) | EXCLUSIVE

694 Views


2017 අවුරුද්දට ලංකාවේ කෙනෙක් කරපු අන්තිම ගිනස් වාර්තාව මෙන්න. (PHOTOS) | EXCLUSIVE

ගිනස් වාර්තා පොතට යන්න ලෝකේ වටේ ඉන්න අය එක එක විදිහේ වෙනස් වැඩ කරනවා. ලංකාවේ අයත් වැඩේ අතහරින්නේ නෑ ඉතින්. ගතවුණ අවුරුද්දේ ගොඩක් ආන්දෝලනාත්මක ගිනස් වාර්තාවක් පිටුවන්න ලංකාවේ අය උත්සහ කරා. ඒ තමයි ලෝකේ දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාව. හැබැයි ලංකාවේ බොහෝ පාර්ශව ගිනස් කමිටුවට දැන්වුවා මේක අවලංගු කල යුතු වර්ගයේ ගිනස් වාර්තාවක් කියල. ඒ නිසාම ගිනස් වාර්තා කමිටුවෙන් මේ වාර්තාව අත්හිටුවන්න කටයුතු කලා කියලත් ඔබට මත ඇති. ඒ වුනත් මේ කියන්න යන්නේ ඊයේ දවසේ ලංකාවේ කෙනෙක් පිහිටවපු අලුත්ම ගිනස් වාර්තාවක් ගැන.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු වෙලා ඉන්නවා ගිනස්‌ වාර්තාලාභීක්. ඔහුගේ නම ජනක කාංචන මුදන්නායක. ඉතින් කාංචන තවත් ගිනස්‌ වාර්තාවක්‌ පිහිටුවීමට ඊයේ සමත් වුනා. ඒ තමයි කිලෝග්‍රෑම් 50 ක්‌ බර පිටි මිටි 17 ක්‌ විනාඩි 28 යි තත්පර 53 කදී තම මුවින් ඔසවා ඇවිද ගෙන යැම. මේ කාර්යය ඊයේ (29 වැනිදා) සාර්ථකව නිම කළා කියා තමයි සියත 24 අපිට ආරංචි වුනේ. ජනක කාංචන මීට කලින් දෙවතාවකදී ගිනස්‌ වාර්තා දෙකක්‌ පිහිටුවලත් තියෙනවා. මෝදර මහපොළ අභ්‍යාස ආයතනයේදී පැවැත් වුන මේ අවස්‌ථාවට සමාජ සුබසාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වුනා.

 


News Articles
Latest Videos
Most Popular Post