News Line| Off Air
Generic placeholder image

Dec
31

ලග්න 2 කට වියදම වැඩි වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

733 Views


ලග්න 2 කට වියදම වැඩි වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 31 ඉරිදා

රාහු කාලය පෙ.ව 04.37 සිට 06.05

සුභ දිශාව දකුණ

මරු සිටින දිශාව උතුර

 

 

 

 

මේෂ ලග්නය

ඔබගේ වැඩ පිළිවෙල තුල පුංචි පුංචි අවුල් පැන නැගුනත් ඔබගේ නොපසුබට උත්සාහය නිසා බාධක ජය ගැනීමට හැකි වෙනවා. වෘත්තීය ගැටළු මතු වෙනවා. ඉතාම කල්පනකාරී වන්න. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. ආදායම් තත්වය යහපත් වීමටත් තම තත්වය උසස් වෙනවා. මංගල යෝග උදා වෙනවා. ආගමනුකුලව වැඩිහිටියන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ජය වර්ණය රෝස පැහැය              ජය අංකය 09

වෘෂභ ලග්නය

ඔබ නිතර කරන කටයුතු හරියටම කරන්න උනන්දු වන නිසා බාධක ජය ගැනීමට හැකියාව ලැබෙනවා. ඉවසීමෙන් ක්‍රියා කිරීමෙන් සියල්ලන්ගේ ප්‍රශංසා හිමි වෙනවා. බලාපොරොත්තු ඉටුවන දිනයක්. ශ්‍රමයට දැනුමට වටිනාකමක් හිමි වෙනවා.ආගමනුකුලව වැඩිහිටියන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.                      

ජය වර්ණය සුදු පැහැය                  ජය අංකය 02

මිථුන ලග්නය

කායිකව හා මානසිකව පිඩා ඇතිවිය හැකි දිනයක්. ප්‍රේම සබදතා වල ගැටළු මතු වේවි. නිදහස්ව අද දිනය ගත කිරීමට හැකියාව ලැබෙනවා. ගෙදර අය සමග ඉවසීමෙන් සමාදානයෙන් කටයුතු කරන්න. තනි තීරණ නොගන්න. අන් අයගේ උපකාර ලැබෙනවා. දුර දක්නා නුවණින් වැඩිහිටියන්ට ගරු කරමින් කටයුතු කරන්න.

ජය වර්ණය කොළ පැහැය                                   ජය අංකය 05

 

කටක ලග්නය

මුදල් පිලිබදව තිබු ගැටළු රාශියක් විසදා ගැනීමට හැකියාව ලැබෙනවා. වෙළද ව්‍යාපාර වලින් ගමන් බිමන් වලින් වාසි සැලසෙනවා. රැකියා කටයුතු වල සුභදායක වෙනසක් ඇති වෙනවා. සතුරු බලවේග යටපත් කරගත හැකියි. මංගල යෝග උදා වෙනවා. ආගමනුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය රන්වන් පැහැය                                   ජය අංකය 05

සිංහ ලග්නය

වැය පක්ෂය අධික වීම නිසා අරපිරිමැස්මෙන් කටයුතු කරන්න.මානසික සුවයක් ඇති වෙනවා. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සහ ගැනීම තුල උසස් අයගේ ඇසුර ලැබීමටත් ඔබ කරන කටයුතු වල වටිනාකමක් අන් අයට දනිමටත් හිතට සහනයක් ලැබෙනවා. වෙළදාම් කරන අයට යහපත් වෙනවා. අලුත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට හොද දවසක්. අඹුසැමි සමගිය ඇති වෙනවා.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 01

කන්‍යා ලග්නය

කරන සෑම කටයුත්තක්ම සැනසිලිදායක අන්දමින් නිමා කර ගැනීමට හැකිවනවා. දේපල පිලිබදව කටයුතු කරන අයට ලාභ ප්‍රොයෝජන ලැබෙන දවසක්. මංගල යෝග ඇති වෙනවා. ආදායම් ලැබෙනවා. අධ්‍යාපනය ලබන අයට කලාකරුවන්ට කාර්මික ශිල්පීන්ට කරන කටයුතු දියුණු වෙනවා. රැවටීම් වලට හසු නොවීමට වගබලා ගන්න. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                  ජය අංකය 05

 

තුලා ලග්නය

සතුරු බලවේග යටපත් කිරීමට හැකියාව ලැබෙනවා. සහෝදරයන්ගේ හොදහිත ඔබට ලැබේවි. ඔබ ගන්නා තීන්දු තීරණ අන් අයගේ පැසසුමට ලක්වන දිනයක්. වාසනාවන්ත දිනයක්.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 05

 

 

වෘශ්චික ලග්නය

 

රහස් සතුරු කරදර තුලින් ආරක්ෂා වීමට සිතේ සැනසීමට බාධා නොවීමට වගබලා ගත යුතුයි. ගෙදරින් පිට ගමන් යාමට අවස්ථාව ලැබෙනවා. ලාභ ප්‍රයෝජන ලැබෙන දවසක්. අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙනවා. නොතෙරුම්කමින් කරන ගණුදෙනු වලින් පාඩු සිදු විය හැකියි. ඔබගේ ආරක්ෂාව සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය ක්‍රීම් පැහැය                 ජය අංකය 04

 

 

ධනු ලග්නය

විදෙස්ගත වීමට බලාපොරොත්තු වූ අයට ඒ සදහා සතුටුදායක ආරංචි ලැබේවි. පැවති ගැටළුවක් නිරාකරණය කර ගැනීමට හැකිවන දවසක්. ගෙදරදොර කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කරන්න. බාධා කරදර සියල්ල යටපත් වෙනවා. යටපත් වූ බලය නැති වූ මානසික සුවය ඇතිවන දවසක්. ආගමනුකුලව දුර දක්නා නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 09

 

 

මකර ලග්නය

වැය පක්ෂය ඉතා ඉහල යා හැකි බැවින් අරපිරිමැස්ම කටයුතු කරන්න. දැඩි අධිෂ්ටනයෙන් කටයුතු කරන්න. නීති ප්‍රශ්න වලට මදි වෙන්න එපා. අසනීප කරදර සමනය වෙනවා. සිතේ සැනසීමට කටයුතු කරනවා. ඔබගේ ක්‍රියශුරත්වය නොපසුබට උත්සාහය ආචාරශිලිබව සැබවින්ම අද දවස ප්‍රීතිමත් වේවි.

ජය වර්ණය රෝස පැහැය                         ජය අංකය 05

 

 

කුම්භ ලග්නය

පෙරපින් උදා වෙන දවසක්. ඔබගේ ශ්‍රමයට දැනුමට වටිනාකමක් ලැබෙනවා. උසස් තනතුරු තානාන්තර ලැබෙන දවසක්. ඔබගේ සංවිධානාත්මක ශක්තිය පිලිබදව කතාබහට ලක්වන දවසක්. මව්පියන්ට අඹු දරුවන්ට කළගුණ සැලකීම ආගමනුකුලව කටයුතු කිරීම අද දවස සාර්ථක කරාවි.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 06

 

 

මීන ලග්නය

නොසිතු ආකාරයට වැය පක්ෂය වැඩි වීමටත් ආදායම අඩු වීමටත් හේතු වෙනවා. බාධක යටපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ බලාපොරොත්තු ඉටු කර ගන්න හැකියාව ලැබෙනවා. සමාජ ඇසුරේදී කතා බහේදී සැලකිලිමත් වෙන්න. ප්‍රසිද්ධ අය හමු වෙන්න යන්න සුභ දිනයක්. ධන ලාභ ලැබීමට සිතට සහනයක් ලැබීමට නම ප්‍රසිද්ධ වීමට හැකි දිනයක්.

ජය වර්ණය ලා රෝස පැහැය                    ජය අංකය 05

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post