ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අසාධාරණයට සහ කැපිලි කෙටිලි වලට ලක්වුණ ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග. කාලයක් ලෝකයේ දක්ෂම පන්දු යවන්නා වුනේ ඔහු. මාලිංග පන්දු යවද්දී පිතිකරුවන් උත්සහා කරේ ඔහුගේ යෝකර් පන්දුවෙන් කකුල් දෙක බේර ගන්න. හැබැයි ලංකාවේ පාලකයන්ට මාලිංගගේ අගය තේරුණේ නෑ. එ්කට ප්‍රධානම හේතුව තමයි මාලිංග ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නලා දීපු එක. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද? හැබැයි එහෙම කියලා මාලිංග නිකන් හිටියේ නෑ.
බංගලාදේශ සංචාරයට යන කණ්ඩායම තෝරන්න හතුරුසිංහ පුහුණු සැසියක් තියෙනවා. එ් වුනත් මාලිංගය මේ සැසියට නම් කරලා නෑ. ක්‍රිකට් අායතනය නම් කියන්නේ මාලිංගව විවේක ගන්වලා තියෙනවා කියලා. එ්ත් මාලිංග කැමැත්තෙන්ම පුහුණු සැසියට සහභාගී වුණා. කාලෙකට පස්සේ මාලිංග ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියකට සාකච්චාවක් දීලා තිබ්බා. එකෙදී මාලිංග කිව්වේ පන්දු යවන්නන්ගේ සහය ඕන නිසා තමන් පුහුණු සැසියට අාවා කියලා.
“මම ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අාරම්භ කලේ සහය පන්ද්‍ර යවන්නෙක් (Net Bowler) විදියට. ඉතිං එ් සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට තාමත් ඕන. එ් දේ දීලා සහයක් වෙන්නයි මම පුහුණුවීම් වලට අාවේ.” මාලිංගගේ ඊළඟ ඉලක්කය 2019 ලෝක කුසලානය කියලත් ඔහු කිව්වා.
“මාව තෝරා ගන්නවා නම් මගේ උපරිමය දෙන්න සූදානම්. මට හිතා ගන්න බෑ අැයි මට අවස්ථාවක් දෙන්නේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 25, 26 ක්‍රීඩකයන්ට විවේක දෙනවා. මොකද තව කාලයක් ජාතික කණ්ඩායමට එයාලගෙන් වැඩ ගන්න පුළුවන් නිසා. අපේ වයසේ අයට එහෙම විවේක දෙන්නෙ මොකටද? අපි තව අවුරුද්දක් දෙකක් ඕන නම් ක්‍රිකට් ගහයි. ඉතිං එ් කාලේ සෙල්ලම් කරන්න නොදී විවේක දුන්නම ක්‍රිකට් ගහන්නෙ කවද්ද? මට හිතා ගන්න බෑ එයාලා මතු කරන කතාවේ තේරුම මොකක්ද කියලා.” කියලයි මාලිංග තමන්ව විවේක ගන්වපු එක ගැන කිව්වේ.
මාලිංගට අන්තිමට ලංකාව වෙනුවන් සෙල්ලම් කරන්න අවස්ථාවක් දුන්නේ සැප්තැම්බර්වල ඉන්දියානු කණ්ඩායම ලංකාවට අාපු වෙලේ. ඊට පස්සේ එකම තරඟයකටවත් සෙල්ලම් කරන්න මාලිට අවස්තාවක් දුන්නේ නෑ. අාබාධයෙන් පස්සේ අායෙත් පිටියට අාපු මාලිංගට 2017 විස්සයි විස්ස තරඟ 6 ක් විතරයි සෙල්ලම් කරන්න දුන්නේ. එ් තරඟ 6 දී ඔහු කඩුලු 12 ක් බිද දමලා තියෙනවා. 2017 දී එක්දින තරඟ 13 කදී මාලිංග කඩුලු 10 ක් ලබා ගෙන තියෙනවා. හැබැයි අනිත් ක්‍රීඩකයින් අතහැරපු උඩ පන්දු අැල්ලුවා නම් තවත් කඩුලු 12 ක් විතර ලබා ගන්න තිබ්බා. මාලිංග එ් ගැනත් කියලා තිබ්බා.
“මම අාබාධයෙන් පස්සේ කණ්ඩායමට අාවාම එක්දින තරඟ 13 කදී කඩුලු 10 ක් ගත්තා. මගේ පළවෙනි අවුරුද්දෙත් මට වැඩිය කඩුලු ගන්න ලැබුණේ නෑ. හැබැයි ඊට පස්සේ අවුරුදු 14 ක් ලංකාවට සාර්ථකව ක්‍රීඩා කරා. මම කියපු තරඟ 13 දී උඩ පන්දු 12 ක් අතහැරලා තියෙනවා. එ්කට මමද වැරදී. අන්තිමට මට තමයි එ්කට දඬුවම් ලැබිලා තියෙන්නේ.” කියලයි මාලිංග කිව්වේ.
මාලිංගට දිගට හරහට එන කැපිලි කෙටිලි ගැනත් මාලිංග මේ සාකච්ඡාවේදී කියලා තිබ්බා. “මාව කපන්නේ මගේ දක්ෂතා නැතුව කියලා කවුරුවත් කියලා නෑනේ. එහෙනම් දක්ෂතා පෙන්නලා අායේ කණඩායමට එන්න පුළුවන්. හැබැයි එතන තියෙන්නේ වෙන හේතුවක් නම් තේරීම් කමිටුව වෙනස් වෙනකන් ඉන්න වෙනවා කණඩායමට එන්න.