අද 2018 ජනවාරි මාසයේ 01 සදුදා
රාහු කාලය පෙ.ව.07.50 සිට 09.18
සුභ දිශා නැගෙනහිර
මරු සිටින දිශාවවයඹ

වික්‍රමාන්විතව කටයුතු කරන්නත් හවුලේ කටයුතු කරන්නත් වාසනාව ලැබෙන දවසක්. විවාහ ජීවිතය තුල ප්‍රේමනීය සබදතා තුල යම් බාධා තිබුණානම් ඒවා දුරු කර ගැනීමේ වාසනා ශක්තිය හිමි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් තරමක් දුරස් වෙලා පැවතීම වැදගත් වෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. කල්‍යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. වෘත්තිමය කටයුතු වලින් ව්‍යාපාරික කටයුතු වලින් තරමක් දුරස් වෙන්න කැමැත්තක් පැවතුණත් කාර්යබහුල ස්වභාවයෙන් අඩුවක් වෙන්නෙ නැහැ.
ජය වර්ණය ලා දම්පැහැය ජය අංකය 09

තරමක වියදම්කාරී දවසක්. කෙටි ගමන් බිමන් යෙදෙනවා. අනවශ්‍ය වියදම් ඉහල යා හැකියි. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්න. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වගේම යටි බඩේ කැක්කුම් ඇතිවිය හැකියි. සතුරු කරදර බාධක දුරු කර ගැනීමේ හැකියාව පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. දරුවන්ගේ කටයුතු වලත් දියුණුවක් දැකිය හැකියි.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 07

තරගකාරි කටයුතු වලට මුහුණ දෙන්න ඔබ ඉතාමත්ම සුදානමින් පසු වෙනවා. එවැනි කටයුතු වලින් ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. බොහෝ දේවල් වෙනස් කරන්න අලුත් සැලසුම් සකස් කරන්න ඔබ තුල කැමැත්තක් ඇති වෙනවා. සතුටින් කාලය ගත කරන්න ඇහැකි වෙනවා. පුංචි පුංචි රහස් අසනීප ඇතිවිය හැකියි. රහස් සබදතා ගුප්ත සබදතා තුලින් ධන මාර්ග වර්ධනය වෙනවා.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 03

නිවාස වාසස්ථාන පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. යානවාහන ගමන් බිමන් බහුල වෙනවා. අලුත් යානවාහන මිලදී ගන්නත් සුභයි. අධ්‍යාපනික ශක්තිය වර්ධනය වෙනවා. දරුවන්ගේ කටයුතු වලට වැඩි මහන්සියක් දරන්න සිදු වෙනවා. කාන්තා පාර්ශවයේ ඥාතීන් වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදු වේවි. සෙම් සහිත රෝග වලින් බාධා ඇතිවිය හැකියි.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 05

කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්. අලුත් ආදායම් මාර්ග වර්ධනය කරගැනීමේ ඉඩකඩ පවතිනවා. ආහාර අලෙවි කිරීම දියරමය දේවල් අලෙවි කිරීම වැනි කටයුතු වලිනුත් බොහෝ ධනය උත්පාදනය කර ගත හැකි වෙනවා. ගේදොර පරිසරයත් බොහොම සෞම්‍යව පවත්වා ගෙන යා හැකියි. නිතර නිදා ගන්න ස්ථානය වෙනස් කරන්නත් ඔබ තුල යම් කැමැත්තක් ඇති වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට පුංචි පුංචි බාධා ඇති වුනත් තරගකාරි කටයුතු වලින් පහසුවෙන් ජයග්‍රහණය හිමි වෙනවා.
ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය ජය අංකය 09

රැකිරක්ෂා වෙලදාම් කටයුතු පිලිබදව ද්විත්ව මානසිකත්වයකින් කටයුතු කරන දවසක්. මනසට විවිධ සිතුවිලි පහල වීම නිසා වෘත්තිමය ස්ථාන වල බාධා ඇති වෙන්න පුළුවන්. ආර්ථික ශක්තිය වර්ධනය කර ගන්න හැකියාව ලැබෙනවා. දුරබැහැර අය ඔබව සොයාගෙන පැමිණෙනවා. තරමක කාර්යබහුලතාවයක් ඇති වෙනවා. අධ්‍යාපනික ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන් දවසක්. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 09

පෙරපින ඉස්මතු වෙනවා. අලුත් ආරම්භයක් සටහන් කරන්න අලුත් දේවල් කතාබහ කරන්න අලුත් දේවල් සැලසුම් කරන්න ඉතාමත්ම යහපත්. අසල්වාසීන් සමග තමන්ගේ ඥාතීන් සමග ශක්තිමත් සබදතා ගොඩනගා ගත හැකි වෙනවා. ආදායම් තත්වය වර්ධනය කරගන්න පුළුවන්. පදිංචිය වෙනස් කිරීමට සිදු වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙනවා.
ජය වර්ණය ලා කොළපැහැය ජය අංකය 06

කල්පනාකාරීව ඉවසිලිවන්තව තීන්දු තීරණ ගත යුතුයි. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙලා පදිංචිය වෘත්තීය බොහෝ දේවල් වෙනස් වීමේ ඉඩකඩක් පවතිනවා. අලුත් ආරම්භයන් සොයන්න උත්සහ කරනවා. උසස් උගත් නිලධාරීන් සමග මතගැටුම් ඇති වෙනවා. සෙම් සහිත රෝග වලින් පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්. මනසට පුංචි පුංචි වෙහෙසකර තත්ව නිර්මාණය වෙනවා. කායික ශක්තිය සමාජ ශක්තිය වර්ධනය වෙනවා. මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලට තාක්ෂණික ආශ්‍රිත කටයුතු වලටත් යහපත්.
ජය වර්ණය ක්‍රීම්පැහැය ජය අංකය 03

ඔබේ කටයුතු වලට ජවසම්පන්න ශක්තියක් උදා වෙනවා. අලුත් අලුත් වෙනස් කිරීම් කරන්න උත්සහ කරනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු පරිපාලනමය හැකියාව මුල් කර ගත්ත කටයුතු වලින් වාසනාව උදා වෙනවා. පියපස ඥතීන් සමග වැඩිහිටියන් සමග කරන කටයුතු වලදී පුංචි කේන්ති සහගත ස්වභාව ඇති වෙනවා. වෙහෙසකර ගමන් කිහිපයක් යන්න ඔබට සිදු වෙනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. බුද්ධියට ඉඩදී කටයුතු කරන්න.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 03

රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව අලුත් මානයකින් විමසා බලනවා. තරමක කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. වෘත්තිමය කටයුතු වලදී බාධාකාරී තත්ව පැන නැගීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. වෘත්තිමය කටයුතු වලදී බාධා ඇති වෙනවා. පරිපාලනමය ගැටළුකාරී ස්වභාවයන් මුල්කරගෙන ඔබ ගන්න තීරණ අභියෝගයකට ලක් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. කාන්තාවන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 08

කායික මානසික ශක්තින් වර්ධනය කරගැනීමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් බහුල වෙනවා. සමාජ සේවා කටයුතු වලටත් ඔබේ හිත ඇදිලා යනවා. මානව සංවිධානාත්මක කටයුතු කිරීමේ හැකියාවත් පවතිනවා. එවැනි කටයුතු වලින් අන් අයව ආකර්ෂණය කර ගන්නත් හැකි වෙනවා. අලුත් ආරම්භයන් සටහන් කිරීමේ හැකියාව වාසනා ශක්තිය පවතිනවා. අධ්‍යාපනික ශක්තිය පවා දියුණු වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. පියපස ඥාතීන්ගේ බොහෝ දේවල් ලැබෙනවා.
ජය වර්ණය ලා නිල්පැහැය ජය අංකය 03

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු යහළුවන්ගේ කටයුතු වලට වැඩි කාලයක් මිඩංගු කරන්න ඔබට සිදු වෙනවා. පදිංචිය පිලිබදව සතුටු සහගත සිතුවිලි වර්ධනය වෙනවා. පදිංචිය වෙනස් කරන්න ඔබතුල අදහසක් පවතිනවා. ආගමනුකුල ගමන් බිමන් යෙදෙනවා. පරණ යාළුවන් මුණ ගැහෙනවා. යානවාහන ගමන් බිමන් වලදී තාක්ෂණික කටයුතු වලදී වඩාත් වැදගත් වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග ඇති වෙනවා.
ජය වර්ණය ලා දම්පැහැය ජය අංකය 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 0766 765 353