News Line| Off Air
Generic placeholder image

Jan
1

ජයලලිතාගෙන් විනාශ කල තමිල්නාඩුව හදන්න රැජිනිකාන්ත් දේශපාලනයට.

584 Views


ජයලලිතාගෙන් විනාශ කල තමිල්නාඩුව හදන්න රැජිනිකාන්ත් දේශපාලනයට.

දූවිල්ලෙන් උපන් කුමාරයා. එහෙම නැත්තම් දමිල සිනමාවේ අසහාය වීරයා. එ් වෙන කවුරුත් නෙවෙයි රැජිනිකාන්ත්. දකුණු ඉන්දීය සිනමාවෙන් මුළු ඉන්දියාවම වසඟයට ගන්න රැජිනිකාන්ත් සමත් වුණා. රැජිනිකාන්ත් අලුත් අවුරුද්දේ රඟපෑම පැත්තක තියලා වෙන වැඩක් කරන්න යනවා.

රැජිනිකාන්ත් දේශපාලනයට එනවා කියලා ඊයේ ප්‍රකාශ කරා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තමන්ගේම පක්ෂයක් හදාගෙන එනවා කියලයි ඔහු කිව්වේ. පහුගිය දෙසැම්බර් 31 වෙනිදා චෙන්නායිවලදී තමයි ඔහු මේ ප්‍රකාශය කරේ. “මම අද මේ තීන්දුව ගත්තේ නැත්තම් එමගින් සිදු කරන වරද මගේ ජීවිත කාලය පුරාම මාව ලුහුබදීවී. මම මේ තීන්දුව ගන්නේ තනතුරක් හෝ මුදලක් හෝ කීර්තියක් බලාගෙන නෙවෙයි. සල්ලීයි, කීර්තියයි මට ඕනෑ තරම් තියෙනවා.” කියලයි රැජිනිකාන්ත් කිව්වේ.

රැජිනිකාන්ත් වගේම සිනමා නිළියක් වුන ජයලලිතා ජයරාම් තමයි කලින් තමිල්නාඩු ප්‍රාන්තය පාලනය කරේ. හැබැයි අැයගේ මරණයත් එක්ක තමිල්නාඩුව එකම අවුල් ජාලයක් වුණා. කොහොම වුනත් ලංකාවේ නම් දැන් නළු නිළියන් දේශපානයට එන එක රැල්ලක් වෙලා. ලංකාවේ අය වගේ නැතුව ජනතාවට සැබෑ සේවයක් කරොත් රැජිනිකාන්ත්ට ඉන්දියාවේ සදාකාලික වීරයෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post