News Line| Off Air
Generic placeholder image

Jan
2

බැඳුම්කර වාර්තාවෙන් හෙට මොනවා වෙයිද? එජාප මන්ත්‍රීවරු අහද්දී රනිල් හිනාවෙයි. රවී ඔරවයි. එජාපයේ අලුත් අවුරුදු තේ මේසයෙන් ඇහුණු රස කතා.

1393 Views


බැඳුම්කර වාර්තාවෙන් හෙට මොනවා වෙයිද? එජාප මන්ත්‍රීවරු අහද්දී රනිල් හිනාවෙයි. රවී ඔරවයි. එජාපයේ අලුත් අවුරුදු තේ මේසයෙන් ඇහුණු රස කතා.

හැමෝම වගේ එක්සත් ජාතික පක්ෂයේ අයත් අද ජයටම වැඩ පටන් ගත්තා. අගමැතිතුමා පක්ෂයේ මැති අැමතිවරුන්ටයි, හිතවතුන්ටයි අද අරලියගහ මන්දිරයට එන්න කියලා සංග්‍රහයකුත් දුන්නා. මේකට එජාපයේ සජිත, වජිර, කබීර්, අකිල, සාගල සහ මනෝ ගනේෂන් අැතුළු අැමතිවරුනුත් අැවිත් හිටියා.

තේ සංග්‍රහය අතරතුර අගමැතිතුමා හැමෝම ළඟට ගිහින් කතා බහ කරන්න අමතක කරේ නෑ. එ් අතරෙදි ගොඩක් අය අගමැතිතුමාගෙන් අහපු ප්‍රශ්නයක් තිබ්බා.

“අගමැතිතුමා බැදුම්කර කොමිසමේ වාර්තාවට මොනව වෙයිද…?”

එහෙම අහපු හැමෝටම අගමැතිතුමා හිනා වෙලා කිව්වේ “හෙට බලාගමුකෝ” කියලයි. අගමැතිතුමාගෙන් වගේම තව කෙනෙක්ගෙන් එ් ප්‍රශ්නයම අරලියගහ මන්දිරයට අැවිත් හිටිය ගොඩක් අය අැහුවා. එ් වෙන කාගෙන්වත් නෙවෙයි. හිටපු අැමති රවී කරුණානයකගෙන්.

එ් ප්‍රශ්න අහන වාරයක් පාසා එතුමාගේ මූණනම් මැලවිලා ගියා. හැබැයි බොහොම අායාසයෙන් හිනාවක් හදාගත්ත රවී කරුණානායක මහතා ඔවුන්ට හිනා වෙලා නිකන් හිටියා.

නව වසරේ වැඩපටන් ගන්න අාපු අය අතරේ හිටිය කෙනෙක්ට අගමැතිතුමා අවවාදයකුත් කරා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙක්ව එතුමා ළඟට කතා කර ගත්තා.

“ඔයා පක්ෂේ ඇතුලේ රණ්ඩු වෙන්නේ නැතුව, කොහොමහරි ඡන්දේ දිනන්න කියලයි ඔහුට අගමැතිතුමා කිව්වේ.”

මේපාර ගමේ ඡන්දය දිනන රහසකුත් අගමැතිතුමා එතනට අැවිත් හිටිය මාධ්‍යවේදියෙක්ට කිව්වා.

“මේ ටිකේ ඔය විදියට ඡන්දෙ වැඩ යන්න දෙන්න. හැබැයි අන්තිම සති දෙකේ Campaign එක උස්සන්න. කොහොම හරි අපේ අතට බෝලේ ගන්න ඕන.” කියලා එතුමා උපදෙස් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post