News Line| Off Air
Generic placeholder image

Jan
2

හතුරුසිංහ ආයෙත් බංගලාදේශයට යයි? අවසන් තීරණය ජනවාරි 5.

4417 Views


හතුරුසිංහ ආයෙත් බංගලාදේශයට යයි? අවසන් තීරණය ජනවාරි 5.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ අවුරුද්දේ පළවෙනි සංචාරය මේ මාසේදී පැවැත් වෙනවා. එ් බංගලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තුන්කොන් සටනකින්. ඒ නිසා බංගලාදේශයෙන් ඉවත් වුන හතුරුසිංහත් අායෙත් බංගලාදේශයට යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක හතුරු සහභාගී වෙන පළවෙනි සංචාරය මේක.

බංගලාදේශ සංචාරයට යන කණ්ඩායම තෝරන්න මේ දවස්වල පුහුණු සැසියක් තියෙනවා. එ්කෙන් වැඩියෙන්ම දස්කම් පෙන්නන අය තමයි සංචිතයට තෝරා ගන්නේ. මේ මාසේ 05 වෙනිදා සංචිතය ගැන අවසන් තේරීම සිදු කියලා තේරීම් කමිටු සභාපතිවරයා කිව්වා. අාබාධයකට ලක්වෙලා ඉන්න මැතිව්ස් සංචිතයට තෝරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ශාරීරික යෝග්‍යතා පරීකෂණයෙන් පස්සේ.

එ් වගේම ඉන්දීය තරඟාවලියේදී අාබාධයකට ලක්වුන ධනංජය ද සිල්වාත් ඉන්නේ දැන් සුව වෙලා. ඔහුත් මේ වෙද්දී පුහුණු සැසියට කැදවලා තියෙන්නේ. තවත් විශේෂ කාරණාවක් තමයි කණ්ඩායමට අලුත් නායකයෙකුත් ගොඩක් වෙලාවට 05 වෙනිදා පත් කරාවී.


News Articles
Latest Videos
Most Popular Post