Google කියන්නේ ලෝකයේ ලොකුම Search Engine එක. අපිට මොන දේ දැන ගන්න ඕන වුනත් කෙලින්ම ගිහින් හොයන්නේ Google එකේ. Google එකේ Sex Search කරලා ලංකාවේ අය ලෝක වාර්තා තිබ්බා ඔබට මතක අැති. එ් වගේ 2017 වැඩියෙන්ම Google එකේ Search කරේ මොනවද කියලා වාර්තාවක් Google එක නිකුත් කරලා තියෙනවා.
මේ වාර්තාවට අනුව 2017 වැඩියෙන්ම Search කරලා තියෙන්නේ Hurricane Irma කුණාටුව ගැන. දෙවැනියට වැඩියෙන්ම හොයලා තියෙන්නේ iPhone 8 ගැන. තුන්වෙනියට වැඩියෙන්ම Search කරලා තියෙන්නේ iPhone X ගැන. මේ ලැයිස්තුවේ 4 වෙනි තැන ඉන්නේ Matt Lauer කියන අැමැරිකානු රූපවාහිනී මාධ්‍යවේදියා. 5 වෙනියට වැඩියෙන්ම Search කරලා තියෙන්නේ Meghan Markle කියන හැරී කුමරුගේ පෙම්වතිය ගැන.
Google එකේ වැඩියෙන්ම Search කරපු පුද්ගලයාගේ නම තමයි Matt Lauer. හැරී කුමරුගේ පෙම්වතිය වුන Meghan Markle ගැන තමයි දෙවෙනියට වැඩියෙන්ම පුද්ගලයින්ගෙන් හොයලා තියෙන්නේ. Hurricane Irma සුළි කුණාටුව තමයි වැඩියෙන්ම Search කරපු ගෝලීය පුවත වෙන්නෙ. 2017 Google එකේ වැඩියෙන්ම Search කරපු නිලියත් Meghan Markle.
වැඩියෙන්ම Search කරපු තාක්ෂණික උපාංගය iPhone 8. iPhone X දෙනෙි තැනට එද්දී Nintendo Switch තුන්වෙනි තැනට පත්වෙලා තියෙනවා. 2017 ලෝකයේ වැඩියෙන්ම හොයපු මැතිවරණය ප්‍රංශ මැතිවරණයයි. Wimblendon ශූරතාවය ගැන තමයි ලෝක ක්‍රීඩා තරඟාවලි වලින් වැඩියෙන්ම හොයලා තියෙන්නේ. How to.. කියන Catogary එක යටතේ 2017 වැඩියෙන්ම Search කරලා තියෙන්නේ කෙට්ටු වෙන හැටි.
2017 වැඩියෙන්ම Google එකේ Search කරපු චිත්‍රපටිය තමයි IT. දෙවෙනියට Wonder Women ගැන හොයද්දී Beauty and the Beast ගැන තමයි තුන්වෙනියට හොයලා තියෙන්නේ. Musician and Bands කියන Catogary එක යටතේ වැඩියෙන්ම Search කරලා තියෙන්නේ Ariana Grande ගැන. වැඩියෙන්ම Search කරපු සිංදුව තමයි Despacito. Stranger Thing කතා මාලාව තමයි ගිය අවුරුද්දේ වැඩියෙන්ම Search කරපු කතාමාලාව.
ඔන්න ඔය විදියට තමයි 2017 Google එකේ Search කරලා තියෙන්නේ.
මේ Google වාර්තා වලට අනුව ඉන්දියාව තුල 2017 වසරේදී වැඩියෙන්ම Search කරලා තියෙන්නේ බාහුබලි 2 Film එක ගැන. දෙවෙනි තැන හිමි වුනේ IPL තරඟාවලියට.