News Line| Off Air
Generic placeholder image

Jan
3

ලංකාවෙන් පලිගන්න, මහේල ජයවර්ධන බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු වෙයිද?

2260 Views


ලංකාවෙන් පලිගන්න, මහේල ජයවර්ධන බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු වෙයිද?

කාලයක් බංගලාදේශයේ ක්‍රිකට් වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටිලා තිබ්බේ. හරියට දැන් ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙනවා වගේ. හැබැයි බංගලාදේශයට මැජික් පෙන්නන්න පුළුවන් පුහුණුකරුවෙක් ලැබුණා. එ් චන්දික හතුරුසිංහ.

එක්සත් අාරබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට පවා කාලයක් බංගලාදේශ කණ්ඩායම පැරදුණා. හැබැයි ඉන්දියාව, එංගලන්තය පරද්දන තැනට බංගලාදේශ කණ්ඩායම ගේන්න හතුරුට පුළුවන් වුණා. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටිච්ච වලෙන් ගොඩගන්න හතුරුසිංහව ලංකාවට ගෙන්න ගත්තා. එ් නිසා දැන් බංගලාදේශයට ප්‍රධාන පුහුණුකරුවෙක් හොයනවා.

මේ වෙද්දී 6 දෙනෙක්ගේ නම් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට යෝජනා වෙලා තියෙනවා. එ් අතර ඉහළින්ම තියෙන නමක් තමයි ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වුන මහේල ජයවර්ධන. ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියටත් මහේලව ගන්න පහුගිය දවස්වල කතා වුනා. හැබැයි තිලංග සුමතිපාල කිව්වේ මහේල තාම ලාබාල වැඩී කියලා. එ් වුනාට IPL වලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු විදියට ශූරතාවය දිනා ගන්නත් මහේලට පුළුවන් වුණා.

පේන විදියට නම් බංගලාදේශයට ලංකාව නැතුව ගොඩ යන්නම බෑ වගේ. සමහර විට හතුරුසිංහව ගත්ත පළිය ගන්න මහේලව බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු කරන්න බැරිකමකුත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post