News Line| Off Air
Generic placeholder image

Jan
3

“විදේශිකයන්ට පමණයි” හෝටල් තහනම්. – ඇමති ෆයිසර්ගෙන් තීන්දුවක්.

900 Views


“විදේශිකයන්ට පමණයි” හෝටල් තහනම්. – ඇමති ෆයිසර්ගෙන් තීන්දුවක්.

සාංචාරක කර්මාන්තය කියන්නේ ලංකාවේ ප්‍රධානම අාදායම් මාර්ගයක්. විදේශීය සංචාරකයින් වගේම දේශීය සංචාරකයිනුත් ලොකු දායකත්වයක් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට දක්වනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව එක්ක හෝටල් ක්ෂේත්‍රයටත් ගොඩක් දියුණු වෙලා තියෙනවා.

හැබැයි සමහර හෝටල්වල විදේශිකයන්ට පමණයි කියලා බෝඩ් ගහලා තියෙනවා ඔබ දැකලා අැති. එ් නිසා දේශීය සංචාරකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා. කොච්චර කැමති වුනත් එ් හෝටල්වලට යන්න ලංකාවේ අයට අවස්ථාවක් නෑ. මීට පස්සේ ලංකාවේ අයට එහෙම ලොකුකම් දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා ෆයිසර් මුස්තාපා අැමතිතුමා කියනවා.

අපේ රටේ දේ විදේශීකයන්ට කලින් අපේ අයටම දෙන්න ඕන. ඉස්සෙල්ලා අාපු කණට වඩා පස්සේ අාපු අඟ ලොකු කර ගත්ත අයට නම් දැන් වැඩ වරදීවී.

උපුටාගැනීම ෆයිසර් මුස්තාපා ඇමතිතුමාගේ Facebook පිටුවෙන්:

සංචාරක ක්ෂේත්‍රයේ ආදායමට වඩා රටේ ගරුත්වය ඊට වඩා වැදගත්. විදේශිකයින්ට පමණයි යනුවෙන් සඳහන් කරන හෝටල්වලින් දේශිය සංචාරකයා ඈත් කිරීමට පළාත් පාලන අමාත්‍යංශය විදියට අපි ඉඩදෙන්නේ නෑ. රටේ ආත්මගරුත්වයට බලපාන මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා.

විදේශිකයන්ට පමණක් යනුවෙන් ලේබල් කරමින් දේශීය සංචාරකයින් අපහසුතාවයට පත්කරමින් පලාත් කිහිපයක හෝටල් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙලක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. දේශීය සංචාරකයින්ගේ ද වර්ධනයක් පෙන්නුම් කරන මෙවැනි කාලසීමාවක සංචාරක ප්‍රවර්ධනයට බාධා එල්ලකරමින්, සංචාරකයින්ගේ මානව අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන මෙම සිදුවීම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

– උපුටාගැනීම අවසන් –

 


News Articles
Latest Videos
Most Popular Post