කවදා හරි අහලා තියෙනවද ලංකාවේ අගමැති කෙනෙක්ට දඩ ගහලා තියෙනවා කියලා. වැඩිය ඕන නෑ. අඩුම තරමේ අැමති කෙනෙක්ටවත්. වැරදිලාවත් දඩයක් ගැහුවොත් පහුවෙනිදට දඩය ගහපු නිලධාරීන් මාධ්‍යට අැවිත් කියාවි එතුමා වැරදි නෑ අපියි වැරැද්ද කරේ කියලා.
හැබැයි ඉතිං පිටරටවල නම් එහෙම බෑ. ජනාධිපති වුනත් නීතිය, නීතියම තමයි. එහෙන් මෙහෙන් රිංගලා යන්න බෑ. ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල්ටත් පහුගිය දවසක දඩ ගහලා තිබ්බා. එ් ජීවිත අාරක්ෂක කබා නැතුව බෝට්ටු පැද්දට. එතුමා සිඩ්නි වරාය කිට්ටුව බෝට්ටු පදින ඡායාරූපයක් සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්වුණා. හැබැයි එ් ඡායාරූපයේ එතුමා ජීවිත අාරක්ෂක කබායක් පැළඳගෙන නෑ.
ඕස්ට්‍රේලියාවේ නීති රීතිවලට අනුව ජීවිත අාරක්ෂක කබා නැතුව බෝට්ටු පදින එක වරදක්. එ් නිසා අගමැතිවරයාට ඩොලර් 250 ක දඩයක් නියම කරලා තියෙනවා. අගමැතිතුමත් නිහතමානීව වැරැද්ද පිළිගත්තා. “මේ නීති රීති තියෙන්නේ අපේ අාරක්ෂාවට. එ් නිසා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන. ඊළඟ සැරේ මම කොච්චර වෙරළට ළඟින් හිටියත් මම අාරක්ෂ කබා පළදිනවා.” ඕස්ට්‍රේලියානු අගමැතිතුමා කිව්වේ එහෙමයි.
ලංකාවේ අපිට නම් ඉතිං ඔය වගේ පුවතක් අහන්න වෙන එක හීනයක් තමයි. ඕස්ට්‍රේලියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියලා තමයි කියන්න වෙන්නේ.