News Line| Off Air
Generic placeholder image

Jan
4

සංගා නෙළුම් කුළුණ කයි.

643 Views


සංගා නෙළුම් කුළුණ කයි.

ඔබට ලක්ෂ 38 ක් වටින අතුරුපසක් ලැබුනොත් මොකද කරන්නේ? කන්නත් ලෝබයි නේද?

පහුගිය දවසක නුවරඑළියේ The Grand හෝටලයේ ලක්ෂ 38 ක අතුරුපසක් නිර්මාණය කරා. ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්න තමයි මේ වටිනා අතුරුපස නිර්මාණය කලේ. මේ අතුරුපස හදන්න විදේශ රටවලින් පවා අමුද්‍රව්‍යය අානයනය කරලා තිබ්බා. “Marry Me” කියලා තමයි මේ අතුරුපස නම් කරලා තියෙන්නේ.

මේ අතුරුපස මුලින්ම පිරිනැමුවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට. මේ අතුරුපසත් එක්ක නෙළුම් කුළුණේ අාකෘතියක වටිනා මැණික් ගලක්ද තියලා තිබ්බා. සංගාට දුන්න අතුරුපස ඔහු මුලින්ම බිරිද යෙහාලිට තමයි රස බලන්න දුන්නේ. මේ අවස්තාවට අමාත්‍ය ජෝන් අමරතුංග අැතුළු රැසක්ම අැවිල්ලා හිටියා.


News Articles
Latest Videos
Most Popular Post