News Line| Off Air
Generic placeholder image

Jan
4

සුමතිපාලට අයිති ක්‍රිකට් මුල්පුටුව ගන්න UNP ප්‍රබලයෙක් ලෑස්තිවෙයි.

830 Views


සුමතිපාලට අයිති ක්‍රිකට් මුල්පුටුව ගන්න UNP ප්‍රබලයෙක් ලෑස්තිවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වල පෙරලි රැසක් වෙන අවුරුද්දක් 2018. එ්කට ප්‍රධානම හේතුවක් තමයි ක්‍රිකට් නිළවරණය මැයි මාසයේ පවත්වන එක. වර්තමාන ක්‍රිකට් පරිපාලනය තරම් බැනුම් අහපු පාලනයක් ක්‍රිකට් ඉතිහාසයේම නැතුව අැති. මේ වෙද්දී ක්‍රිකට් සභාපති විදියට කටුයුතු කරන්නේ තිලංග සුමතිපාල. ඔහුගේ කාලයේ තමයි ක්‍රිකට් මේ තරම් පහළට වැටුනේ.

දිවංගත ගාමීණි දිසානායක මහතා ලංකාවේ හිටිය කීර්තිමත් ක්‍රිකට් පරිපාලකයෙක්. එතුමාගේ පුතා වෙන නවීන් දිසානායක අැමතිතුමා මේ සැරේ ක්‍රිකට් නිලවරණයට ඉල්ලන්න යනවා කියලා අතිශයින්ම විශ්වාසදායක අාරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා.

යහපාලන අාණ්ඩුවේ දින 100 ක්‍රීඩා අැමති විදියට හිටියෙත් නවීන් දිසානායක. එ් කාලයේ සිදත් වෙත්තමුණි අැතුළු හිටපු ක්‍රීඩකයින් එක් කරගෙන ක්‍රිකට් ගොඩනඟන්න සැලසුමකුත් ඔහු හැදුවා. නවීන් දිසානායක තරඟ නොකෙරුවොත් එක්සත් ජාතික පක්ෂයේ වෙන ප්‍රබලයෙක් මේ සැරේ ක්‍රිකට් නිළවරණයට ඉදිරිපත් කරනවා කියලයි අපිට අාරංචි වුනේ.


News Articles
Latest Videos
Most Popular Post