ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වගේම එකේ නායකත්වයටත් අපල කාලයක් ලබලා තියෙන්නේ. ගිය අවුරුද්දේ කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයින් 5 දෙනෙක් විතර පත් වුණා. හැබැයි හිසරදේට කොට්ටේ මාරු කරාට කණ්ඩායම නම් ගොඩ ගන්න බැරි වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය කිව්වේ නම් තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරනවා කියලා.
කොහොම වුනත් මේ වෙද්දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ චන්දිමාල් විතරයි නායකයෙක් විදියට සාර්ථක වෙලා තියෙන්නේ. තව ටික දවසකින් බංගලාදේශ සංචාරය පටන්ගන්න නිසා එක්දින කණ්ඩායමට නායකයෙක් හොයන වැඩේ ඉක්මන් වෙලා තියෙනවා. තේරීම් කමිටු සභාපති ලැබ්රෝයි නම් කියන්නේ තිසරව දිගටම නායකත්වයේ තියන්න ඕන කියලා. හැබැයි ඉන්දියානු සංචාරයේදී නායකයෙක් තියා ක්‍රීඩකයෙක් විදියටවත් ඔහු සුදුසු නෑ කියලා හැමෝම දැක්කා. ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතා නායකත්වයට නම් දෙකක් යෝජනා කරලා තියෙනවා. එ් හිටපු නායක අැන්ජලෝ මැතිව්ස් සහ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්.
හතුරුසිංහ මැතිව්ස්ගෙන් නායකත්වට එන්න කැමතිද කියලා අහලා තියෙනවා. මැතිව්ස් එ්කට කැමති වෙලා කියලයි අපිට අාරංචි වුනේ. හැබැයි මේ වෙද්දී මැතිව්ස් ඉන්නේ අාබාධිත තත්වයේ. එ් නිසා ඔහුට නායකත්වය ලබා දීමේ ගැටලුවක් තියෙනවා. හැබැයි අාබාධය ගැටලුවක් නොවුනොත බොහෝ දුරට මැතිව්ස්ට නායකත්වය ලැබෙනවා. දිගින් දිගටම අාබාධයන්ට පත්වෙන ක්‍රීඩකයෙක්ට නායකත්වය දීලා කණ්ඩාමේ සැලසුම් විනාශ වෙන එක තමයි වෙන්නේ. මැතිව්ස් නායකත්වය දරණ කාලයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙනුත් ඔහුට ලොකු විරෝධයක් තිබ්බා. ඉතිං එ් වගේ කෙනෙක් අායේ නායකත්වයට පත් කරන එක ගැන දෙපාරකට වඩා හිතන්න ඕන.
ලංකාවට තියෙන ඊළඟ හොඳම තේරීම තමයි චන්දිමාල්. ටෙස්ට් කණ්ඩායම මේ වෙද්දී හොඳ තැනකට ගේන්න චන්දිට පුළුවන් වෙලා තියෙනවා. එ් නිසා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුම කෙනා දිනේශ් චන්දිමාල්.
කොහොම වුනත් තව ටික දවසකින් බලා ගන්න පුළුවන් කාටද කණඩායම භාර වෙන්නේ කියලා.