News Line| Off Air
Generic placeholder image

Jan
4

වේගයෙන් යන වාහන අල්ලන්න අනුරාධපුරයේ Traffic පොලීසියෙන් අලුත්ම ක්‍රමයක්.

838 Views


වේගයෙන් යන වාහන අල්ලන්න අනුරාධපුරයේ Traffic පොලීසියෙන් අලුත්ම ක්‍රමයක්.

අධික වේගය නිසා දවසකට විශාල රථවාහන අනතුරු ගණනක් සිද්ධ වෙනවා. එක එක පාරවල් වල යන්න ඕන වේග සීමා සටහන් තියෙනවා. එත් සමහරු නම් පාරේ තමන් විතරක් ඉන්නවා වගේ යන්නෙ. එහෙම අයව අල්ලන්න රථවාහන පොලිසීය තැනින් තැන ඉඳන් වේගයෙන් යන වාහන නවත්තනවා.

ඔබ වාහනයක් පදවන කෙනෙක් නම් කොහේ හරි අස්සක ඉඳන් එක පාරටම පාරට පනින පොලිස් නිලධාරීන් ඕනෑ තරම් දැකලා අැති. පොලිසිය අතේ තියෙන මීටරයේ රතු කට්ට පැනලා තිබ්බොත් ඉතිං දඩයක් කාලාම තමයි යන්න වෙන්නේ. එ් නිසා දුර තියාම පොලිස් නිලධාරියෙක් දැක්කොත් ඉක්මනටම වේගෙ අඩු කර ගන්නවා. හැබැයි ඉතිං පොලිසියට හැම තිස්සෙම පාරට වෙලා ඉන්න බෑනේ.

එ්කට අපූරු පිළියමක් අනුරාධපුර පොලීසිය හොයාගෙන තියෙනවා. එ් තමයි 3D විදියට හදපු කාඩ්බෝඩ් පොලිස් නිලධාරියෙක් පාර අයිනේ හිටවලා තියන එක. මේ බොරු පොලිස් නිලධාරියව දකින රියදුරන් ඉක්මනටම වේගය අඩු කර ගන්නවා.

මේ ක්‍රමය පිටරට වල නම් කාලයක් තිස්සේ භාවිතා කරනවා. පහුවෙලා හරි ලංකාවටත් හඳුන්වලා දුන්න එක නම් හොදයි.


News Articles
Latest Videos
Most Popular Post