News Line| Off Air
Generic placeholder image

Jan
5

අයිතිකාරයට හොරෙන් iPhone එකේ Speed එක අඩු කරන, ඇපල් සමාගමේ මහා පරිමාණ ජාවාරම හෙළිවේ. ඇපල් වරද පිළිගනියි.

777 Views


අයිතිකාරයට හොරෙන් iPhone එකේ Speed එක අඩු කරන, ඇපල් සමාගමේ මහා පරිමාණ ජාවාරම හෙළිවේ. ඇපල් වරද පිළිගනියි.

iPhone කියන්නේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන දුරකන මාදිලිය. එ්කට හේතුව iPhone වල තියෙන ගුණාත්මක භාවය. හැබැයි අැපල් සමාගමට ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.

එ් හිතාමතාම iPhone පැරණි මාදිලිවල ක්‍රියාකාරීත්වය අඩුකරලා කියලා. මුලින් අැපල් සමාගම මේ චෝදනාව ප්‍රතික්ෂේප කරා. හැබැයි අන්තිමට ඔවුන් වරද පිළිගත්තා. එ් වගේම අැපල් සමාගම පාරිභෝගිකයින්ගෙන් සමාවගත්තා.

කොහොම වුනත් අැපල් සමාගම කිව්වේ ක්‍රියාකාරීත්වය අඩුවුන දුරකතවල බැටරිය මාරු කරනවා කියලා. එ් වගේම 2018 අලුත් මෘදුකාංගයත් නිකුත් කරනවා කියලා ඔවුන් කියනවා. පාරිභෝගිකයන්ට තමන්ගේ දුරකතනවල බැටරි තත්වය පරීක්ෂා කර ගන්න හැකියාව ලැබෙනවාලු.

අැපල් සමාගම මේ වරදින් බේරෙන්න නිදහසට කාරණයකුත් කිව්වා. සමහර iPhone වල ක්‍රියාකාරීත්වය අඩු කලේ එ්වගේ ජීව කාලය වැඩි කරන්නලු.


News Articles
Latest Videos
Most Popular Post