අද 2018 ජනවාරි මස 05 සිකුරාදා
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 10.48 සිට ප.ව 12.16 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.44 සිට 12.16 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ

රැකියා කටයුතු සඳහා අලසකමක් දක්වනවා. සැලසුම් සකස් කිරීමට ඉතාම සුදුසු දිනයක්. අධ්‍යාපන කටයුතු,ගිණුම්කරණ කටයුතු වර්ධනය සඳහා ඉතාම හොඳ දවසක්. කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය වර්ධනය වන දිනයක්. වෙළඳාම් කටයුතු සඳහා ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08

පෙර පින්දහම් වර්ධනය කරගැනීමේ හැකියාව පවතින දිනයක්. අසනීප තත්වයන් සුව අතට හැරෙන දිනයක්. කායික ශක්තිය වර්ධනය වන මුත් කොන්ද තුනටිය ආශ්‍රිත රෝග සම්බන්ධව ප්‍රවේසම් විය යුතුයි. ඉතිරි කිරීම් අඩු වන දිනයක්.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 05

ගුප්තමය ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයක් වන අතර සහෝදර සම්බන්දකම් වැඩි වර්ධනය කරගත හැකි දිනයක්. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු දියුණු වන අතර තාක්ෂණික මෙවලම් සමඟ කාර්යබහුල වන දිනයක්. හවුල් ව්‍යාපාර සඳහා සුභ වන අතර වචන භාවිතයේදී ප්‍රවේසම් විය යුතුයි. ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 05

ප්‍රේම සම්බන්ධතා වලට මෙන්ම යුග ජීවිතයටද ප්‍රශ්න ඇති වන දිනයක්. ඒ හේතුවෙන් කලකිරීම් වලට ලක්වීමට හා සියලු දේ අතහැර දැමීමට හැකි දිනයකි. හදවත් රෝග, දණහිස් රෝග හා මුඛ රෝග ඇති වීමට හැකි දිනයක්. එබැවින් වඩා ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 05

ආහාර වර්ග, දියර වර්ග හා ඖෂධ භාවිතයේදී ප්‍රවේසම් වීම වැදගත්. සතුරු පීඩා හේතුවෙන් රැකියා ස්ථානයේ පවා ප්‍රශ්න ඇති වීමට හැකි දිනයක්. අලුත් බලාපොරොත්තු වලට වැඩ පවතින දේවල් රක ගැනීමට ඔබ අද දින උත්සාහ කල යුතුයි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08

කාලයත් තිස්සේ අතපසු වුනු අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක කරගැනීමට වෙහෙසන දිනයක්. කල්පනාකාරීව හා ඉවසිලිවන්තව කටයුතු කරන්න. සෙම් රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න. අලුත් බලාපොරොත්තු ඇති කරගන්නට හා අධ්‍යාපන වැඩ කටයුතු දියුණු කරගැනීමට ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

මානසික සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමු කල යුතුයි. ජලය ආශ්‍රිත කටයුතු හා ව්‍යාපාර වලට ඉතා සුභ දිනයක්. පපුව හා දණහිස් ආශ්‍රිත රෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුයි. කළා කටයුතු හා තාක්ෂණික කටයුතු සුභ වන දිනයක්. මිත්‍ර සබඳකම් වැඩි වර්ධනය වන දිනයක්.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07

සහජ බුද්ධිය වැඩි වර්ෂණය කරගත හැකි දිනයක්. කලාකාමී කටයුතු වලට ඉතාම සුභ වන අතර නිර්මාණ ශක්තිය වෙන කවදාටත් වඩා වර්ධනය වන දිනයක්. ආගමට හා වන්දනා ගමන් ඇති වන දිනයක්. මානව සම්පත් කළමනාකරණය සහ ඇඟළුම් කටයුතු කෙරෙහි ඉතා සුභ දිනයක්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

වාචිකව බොහෝ දෙනෙකුගේ සිත් දිනාගැනීමට හැකි දිනයක්. වෙනදාටත් වඩා කාර්යබහුල වන දිනයක්. ලිපි ලේඛන ආශ්‍රිත ගනුදෙනු කිරීම් වලදී වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. තම අත්සන තැබීමේදී පවා සැලකිලිමත් වීම වැදගත්. බැංකු ආශ්‍රිත රැකියා කරන්නන් ප්‍රවේසම් වීම වැදගත්. පරිපාලනය හා තාක්ෂණික මෙවලම් තුලින් ධනය උපයා ගත හැකි දිනයක්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 08

බොහෝ කටුයතු වලින් දුරස් වී හුදකලාව ජීවත් වීමට ප්‍රිය කරන දිනයක්. යම් යම් හේතුන් නිසා දුකට පත්වන හා කණගාටුවන දිනයක්. ළඟම හිතවතුන්ට පවා බොහෝ කරදර ඇති විය හැකි දිනයක්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08

කරන කියන කටයුතු වලට රහස් සතුරු කුමන්ත්‍රණ ඇති විය හැකි දිනයක්. කෙටි කාලීන දියුණු වීමක් හා රැකියාව කෙරෙහි ප්‍රශ්න ඇති වන දිනයක්. අතිශය කාර්යබහුල වන අතර සමාජ පිළිගැනීම ඇති වන දිනයක්. ජලය ආශ්‍රිත කටයුතු හා ගුප්තමය ශක්තීන් දියුණු වන දිනයක්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07

අසනීප තත්ව තුලින් මිදීමේ හැකියාව පවතිනවා. කාර්යබහුල වන අතර භාරගත් වැඩ නිම කිරීම ඉතා වැදගත්. නැතිනම් නොසිතු ප්‍රශ්න ඇති විය හැකි දිනයක්. සුභවාදී සිතුවිලි මත ක්‍රියා කිරීමෙන් වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගත හැකි දිනයක්.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353