News Line| Off Air
Generic placeholder image

Jan
5

“මං එහෙම කරේ නෑ. මාලිංගගේ තියෙන්නේ ඉගෙනීමේ ප්‍රශ්නයක්.” – මාලිගේ කැපිල්ල ගැන දයාසිරි කට අරියි. (VIDEO)

2322 Views


“මං එහෙම කරේ නෑ. මාලිංගගේ තියෙන්නේ ඉගෙනීමේ ප්‍රශ්නයක්.” – මාලිගේ කැපිල්ල ගැන දයාසිරි කට අරියි. (VIDEO)

ලසිත් මාලිංග සහ ක්‍රීඩා අැමති දයාසිරි ජයසේකර අතර සීතල යුද්ධයක් තියෙනවා. එ්කට හේතුව වුනේ ශූරයින්ගේ කුසලානය පැරදුනාම ලංකාවේ ක්‍රීඩකයින්ගේ ෆිට්නස් නෑ කියලා අැමතිතුමා චෝදනා කරපු එක.

එ්කට මාලිංග දීපු උත්තරයට නම් අැමතිතුමාට කට උත්තර නැති වුනා. “ගිරව් එළියේ ඉන්දෙද්දී රිලව් බෙනේට රිංගනවා…” කියලයි මාලිංග කිව්වේ. එ් කතාවට නම් අැමතිතුමාට හොඳටම රිදුනා.

අද පුවත්පතේ මාධ්‍යවේදියෙක් ඊයේ ක්‍රීඩා අැමතිවරයා එක්ක පුවත්පත් සාකච්ඡාවක් කරලා තිබ්බා. එ්කෙදි මාලිංගව දිගින් දිගටම කපන එක ගැන අහල තබ්බා. අැමතිවරයා කිව්වේ එ්කට ඔහුගෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා. එ් වගේම මාලිංග වැරදි වචන භාවිතා කරපු එකට ඔහුට කරන්න දෙයක් නෑ කියලත් කිව්වා. මාලිංගගේ තියෙන්නේ ඉගෙනීමේ ප්‍රශ්නයක් කියලත් ඔහු චෝදනා කරා.

කොහොම වුනත් මාලිංග කියපු වැරදි වචනය කියලා අදහස් කරන්න අැත්තේ “ගිරව් එළියේ ඉන්දෙද්දී රිලව් බෙනේට රිංගනවා…” කියපු කතාව වෙන්න ඕන. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත කෙනෙක්ට වුනත් එ්ක ඉතාම හොද අාප්තෝපදේශයක් කියලා තේරෙනවා. එ්කෙන්ම මාලිංගගේ ඉගෙනීමෙ තරම දැන ගන්න පුළුවන්. එ් වගේම අාප්තෝපදේශයකට නරක වචනයක් කියන අැමතිතුමාගේ සිංහල දැනුම මොනවගේද කියලත් ප්‍රශ්නයක් එනවා.

Video සඳහා ස්තුතිය : අද.lk Facebook පිටුවෙන්.

https://www.facebook.com/ada.daily/videos/1475670419148293/


News Articles
Latest Videos
Most Popular Post