ගමේ ඡන්දය නිසා මේ දවස්වල ලංකාවම රත් වෙලා තියෙන්නේ. තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගන්න අපේක්ෂකයෝ නොකරන දෙයක් නෑ.
සමහරු දේවාල, කෝවිල් ගානේ ගිහින් බාර වෙනවා. තවත් සමහරු ටකරමේ ඉඳන් බඩු බෙදනවා. ඔය අතරේ මාතලේ පැත්තේ අපේක්ෂකයෙක් අමුතුම වැඩක් කරන්න යනවලු.
එ් ඡන්දය භාවිතා කරලා ඡන්ද පත්‍රිකාව වීඩියෝ කරලා පෙන්නුවම රුපියල් 1000 ක් දෙනවලු. මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා මේ ගැන පොලීසියට දැනුම් දීලා තියෙනවා. එ් නිසා ඡන්ද පොළට දුරකතන අරන් එන අය ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා පොලීසිය කියනවා.
ඊයේ දවස වෙද්දී මැතිවරණ පැමිණිලි 61 ක් ලැබිලා තියෙනවලු. අපේක්ෂකයෝ මොන ගැටේ ගහලා ඡන්ද ගන්න හැදුවත් හරි පුද්ගලයාට ඡන්දය දෙන එක ජනතාවගේ වගකීම.