News Line| Off Air
Generic placeholder image

Jan
5

ඩෝසර් කරපු මුතූර් දාගැබ අසලින් තවත් දාගැබ් දෙකක් මතුවේ.

822 Views


ඩෝසර් කරපු මුතූර් දාගැබ අසලින් තවත් දාගැබ් දෙකක් මතුවේ.

පුරාවස්තු කියන්නෙ රටක ඉතිහාසය. ඉතිහාසය කියන්නෙ රටේ අභිමානය. මුල් නැතුව ගහකට කෙලින් ඉන්න බෑනේ. එ් වගේ තමයි ඉතිහාසය නැතුව රටකට නැගී සිටින්නත් බෑ. ලෝක බලවතුන්ටවත් නැති දීර්ඝ, පෞඩ ඉත්හාසයක් ලංකාවට තියෙනවා. එ්ත් ලංකාවේ මිනිස්සුන්ට නම් එ් ගැන කිසිම අගයක් නෑ.

පහුගිය දවසක සාම්පූර් වලින් සූඩකුඩා කියන පැරණි දාගැබ හොයා ගත්තා. හැබැයි එ් දාගැබ හොයාගෙන පැය 24 ක් යන්න කලින් නරුමයින් පිරිසක් එ්ක සම්පූර්ණයෙන්ම ඩෝසර් කරා.

එ් විනාශ කරපු දාගැබ් දෙක කිට්ටුවෙන්ම තවත් දා ගැබ් දෙකක් හොයාගෙන තියෙනවා. එ් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී ටී. එම්. සී. බණ්ඩාර අැතුළු ගවේෂණ කණ්ඩායමක්. එක දාගැබක් කට්ටපරිච්චාන් ප්‍රදේශයට කිට්ටුව ගනේෂපුරම් ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා. අනිත් දාගැබ හොයාගෙන තියෙන්නේ ඉලංකන්නෙයි ප්‍රදේශයෙන්.

මේ වෙද්දි කරපු පරීක්ෂණ වලින් හෙලිවෙලා තියෙන්නේ සාම්පූර් සූඩකුඩා දාගැබ හදපු කාලේම මේවත් හදලා තියෙනවා කියලා. දාගැබ්වල ගඩොල් පිහිටීමට අනුව අනුරාධපුර මුල් යුගයට මේ දාගැබ් අයිතියි කියලා අනුමාන කරනවා. කොහොම වුනත් මේ දාගැබ් දෙකත් ම්ලේඡයින් විනාශ කරන්න කලින් අාරක්ෂා කරන එක පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ වගකීමක්.


News Articles
Latest Videos
Most Popular Post