අලි මදිවට හරක් කියලනේ එ් දවස්වල කිව්වේ. හැබැයි දැන් කියන්න වෙලා තියෙන්නේ අලි මදිවට දිවියෝ කියලා. එ් මේ දවස් ටිකේම දිවියෙක් හැටන් වතු යායකට අැවිත් කරන කලබල නිසා.
දැන් දවස් 3 ක් තිස්සේම මේ දිවියාව අල්ලා ගන්න වන ජීවී නිලධාරීන් උත්සහා කරනවා. හැබැයි තාමත් කොටියාගේ එක මයිල් ගහක්වත් අල්ලා ගන්න බැරි වුණා. කරන්නම දෙයක් නැති තැන පෙරේදා කොළඹින් විශේෂ උගුලකුත් ගෙනාවා. එ්ත් දිවියා උගුල පැත්ත පලාතකට අාවේ නෑ. උගුලේ ඇමට තිබ්බ බලල නම් තම ඉන්නේ උගුල ඇතුලේ.
ඊයෙත් රෑ 11 ට විතර දිවියා වතු නිවාස කිට්ටුවටම අැවිත් තිබ්බා. දිවියාගේ කෙනෙහිලිකම් වලින් ගැලවෙන්න විදියක් නැති නිසා වතු කම්කරුවන් වැඩ වර්ජනයකුත් පටන් ගත්තා.
කොහොම වුනත් මේ ප්‍රශ්නෙදි දිවියාට චෝදනෙ කරන්නත් බෑ. මිනිස්සු කැළේ විනාශ කරාම කෑම, ඉන්න හිටින්න තැනක් නැති වුනාම එ් සත්තුන්ට ගම් වදිනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. දැන් ඉතිං කරන්න තියෙන්නේ එ් සතාට කරදරයක් නොවෙන්න අල්ලාගෙන සුදුසු තැනකට ගිහින් දාන එක.
මේ තියෙන්නේ සියත ප්‍රවෘත්ති අංශය එ් ගැන වාර්තා කළ පුවත.
https://youtu.be/YR4SCwwNxPs