හැමදාම පුවත් ප්‍රකාශ වලදී අපට අහන්න ලැබෙන පොදු පුවතක් විදිහට නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සලකන්න පුළුවන්. සමහර වෙලාවට මේවා අත්අඩංගුවට ගන්නේ කන්ටේනර් පිටින්. මේ අල්ලන නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට ඇත්තටම මොකද වෙන්නේ කියන එක සමහරුන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. මේ ගැන නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිතුමා පහුගිය දවසක හෙළිදරව්වක් කළා.
මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙන සියලුම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදී විනාශ කරනවා කියලයි සාගල ඇමතිතුමා කියන්නේ. මේ සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන සකස් කරන්න කටයුතු කරන බවත් අමාත්‍යතුමා වැඩිදුරත් කිව්වා. මේ තියෙන්නේ ඒ ගැන ගණන් මිමිත් එක්කම කියපු කතාව.
“2017 ජනවාරි 01 වැනිදා ඉඳන් 2017 දෙසැම්බර් 27 දක්වා කාලය තුළ රුපියල් තිස්හත් කෝටි පනස්පන් ලක්ෂ හයදහස් අටසිය හැට හතරයි ශත තිස්හතක් ( 375,506,864,37 ) වටිනා හෙරොයින් ,නීතිවිරෝධී දුම්වැටි, මත්පැන්, ගංජා කියන මත්ද්‍රව්‍යය පොලීස් විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍යය සහ බරපතල අපරාධ මර්ධන දිසාවත් පමණක් අත්අඩංගුවට අරන් තියෙනවා.”
ඒ අත්අඩංගුවට ගත්තු හෙරොයින්වල වටිනාකම රුපියල් දහතුන් කෝටි හැට එක් ලක්ෂ දහ නව දහස් දෛසිය පනහක් (136,119,250.00) වෙනවා. රුපියල් තුන් කෝටි පනස්තුන් ලක්ෂ තිස්දහස් අටසියක් (35,330,800.00) වටිනා නීතිවිරෝධී දුම්වැටි, රුපියල් නව කෝටි දහනව ලක්ෂ නවදහස් හත්සිය තිස් දෙකයි ශත හැට පහක් (90,199,732.65 ) වටිනා මත්පැන් වගේම රුපියල් එකොලොස්කෝටි තිස් අට ලක්ෂ පනස්හත් දහස් අසූ එකයි ශත හැත්තෑ දෙකක් (113,857,081.72 ) වටිනා ගංජා අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.
“කොහොම වුනත් අපි මේ අවුරුද්දේදී වැටලීම් තවත් වැඩි කරලා, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරලා දැමීමේ කටයුතු තවත් ඉක්මන් කරන්න කටයුතු කරනවා”