News Line| Off Air
Generic placeholder image

Jan
7

වින්ඩි, සනුකගේ පෙම්වතිය බවට යන කටකතාව ඇත්තක් වෙයිද?

4224 Views


වින්ඩි, සනුකගේ පෙම්වතිය බවට යන කටකතාව ඇත්තක් වෙයිද?

සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම ඉන්න ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත්, සනුක මේ වෙද්දී ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තියෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය එක්ක සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා. ඔය අතරේ සනුක සති අන්ත පුවත්පතක් එක්ක මේ විදිහේ කතාබහකට එකතුවෙලා තිබුනා.

* මේ දවස්වල සනුකගේ අලුත්ම තොරතුරු මොනවාද?

අලුත් නිර්මාණ කීපයක් සඳහා සූදානම් වෙනවා.

* සනුක වගේම මෑත කාලයේ බිහිවූ බොහෝ නවක ගායකයන් තමන් විසින්ම තමන්ගේ නිර්මාණ කරගැනීම සිරිතක් බවට  පත් කරගෙන. මොකක්ද ඒකට හේතුව?

තමන්ටම තමන්ගේ නිර්මාණයක් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් වෙනත් නිර්මාණකරුවන් එක්ක කටයුතු කරනවා නම් විවිධත්වයකින් යුතු නිර්මාණ සඳහා දායකවන්නත් පුළුවන්. මගේ නිර්මාණ මමම කරගන්නවා තමයි. හැබැයි ඉතින් මම නිර්මාණ කරන විට තාත්තගෙනුයි මගේ නිර්මාණවලට හා මට සම්බන්ධ විවිධ අයගෙනුයි අදහස් අහලා ඒ අයගේ අදහසුත් නිර්මාණයට එකතු කරගන්නවා. ඒ වගේම වෙනත් කෙනෙකුගේ හොඳ නිර්මාණයකට වුණත් සම්බන්ධ වෙනවා.

* සනුකගේ අලුත් නිර්මාණවලටත් ගීත රූප රචනා නිර්මාණය කෙරේවිනේ. ඒ නිසයි මේ ප්‍රශ්නය අහන්නේ. අද වනවිට ගීත රූප රචනා කලාව ප්‍රබලම මාධ්‍යයක් බවට පත්වීමත් එක්ක මෑත කාලයේ ගීත රූප රචනා සඳහා අනවශ්‍ය විදියට නිරුවත හා ලිංගිකත්වය යොදාගෙන තිබෙනවා. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?

මගේ “සරාගයේ” ගීතය සඳහා කළ රූප රචනයේත් ටීනා හා උදාර විසින් යම් යම් සරාගී දර්ශන නිරූපණය කළා. ගීතය ඇහුවම එම දර්ශන එම රූප රචනයට අවශ්‍යයි. ලිංගිකත්වය හා නිරුවත නිර්මාණ සඳහා කලාත්මකව යොදා ගැනීම වරදක් නැහැ. ඒත් එක දිගට රැල්ලක් වගේ එවැනි Video ආවා. එය නම් මම අනුමත කරන්නේ නැහැ. විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණවලින් කතාබහ කරනවා. ලිංගිකත්වය පමණක් නොවෙයි කතා බහ කළ යුතු තවත් දේවල් තියෙනවා.

* ගායනයට ඇවිත් ජනප්‍රිය වෙලා රංගනයට යොමු වූ අය ඉන්නවා. තමන්ගේ ගීත රූප රචනාවලදී සනුකගේ ඉදිරිපත් කිරීම් දිහා බැලුවම පෙනෙනවා නළුකමටත් සුදුසුයි කියලා.

ටෙලිනාට්‍ය කිහිපයක රඟපාන්න මටත් කතා කළා. ඒත් මම ගියේ නැහැ. රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතුව ඊට යොමුවන්න මම කැමති නැහැ. අනික මේ කාර්යබහුලකමත් එක්ක රඟපෑමට කාලය හොයාගන්න අමාරුයි.

* තවම සනුක විවාහය ගැන හිතුවේ නැද්ද?

(හිනැහී) ඒකට තව වයස තියෙනවානේ.

* පෙම්වතෙක් නම් පෙම්වතිය විදියට කෙනෙකු තෝරා ගන්නේ මොන විදියේ සුදුසුකම් බලලාද?

මගේ සංගීත කටයුතු සාර්ථකව කරගෙන යන්න සුදුසු නිදහස සහ වටපිටාව ඇය තුළ තිබිය යුතුයි. ඊට සහය විය හැකි කෙනෙක්ව තමයි තෝරා ගන්නේ.

* රූකාන්ත – චන්ද්‍ර‍ලේඛාගේ බාල දියණිය වින්ඩි සනුකගේ පෙම්වතිය බවට කටකතාවක් පැතිරිලා යනවා. ඇත්තද ඒ කටකතාව?

(හිනැහී) ඒ ප්‍රශ්නයට පස්සේ හරි උත්තරයක් දෙන්නම්.


News Articles
Latest Videos
Most Popular Post