News Line| Off Air
Generic placeholder image

Jan
9

අද ණය දීමට, ණය ගැනීමට හොඳ දවසක් නෙමෙයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1853 Views


අද ණය දීමට, ණය ගැනීමට හොඳ දවසක් නෙමෙයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 09 වන අඟහරුවාදා

රාහු කාලය: සවස 03.13 සිට 04.42 දක්වා, රාත්‍රී කාලයේ අලුයම 03.21 සිට 04.52 දක්වා

සුභ දිශාව: දකුණු දිශාව

 

 

 

 

මේෂ ලග්නය

තම සෞඛ්‍ය ගැන වඩා සැලකිලිමත් විය යුතු දිනයක්. උපතින් පිහිටන ආඩම්බරකාර ස්භාවය මැද පවත්වා ගැනීම තුලින් දවස සාර්ථක කරගත හැකියි. කාය ශක්තිය හා ප්‍රමුඛතාවය ලැබෙන දිනයක්. රාජකාරි උසස්වීම් ලැබීමට, විදෙස්ගත වීමට අවශ්‍ය පියවර ගැනීමට සුභ දිනයක්.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 06

වෘෂභ ලග්නය

අතපසු වුනු කටයුතු, අධ්‍යාපන වැඩ කටයුතු, නැවත පටන්ගැනීමට ඉතා සුභ දිනයක්. තරහව ඉවතලා සුක්ෂමව හා සාර්ථකව කටයුතු කරන දිනයකි. නායකත්ව ලක්ෂණ සහ ජනප්‍රිය වීමේ ගති ලක්ෂණ ඉස්මතු වන දිනයක්.                    

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 05

මිථුන ලග්නය

අලුත් නිවසක්, වාහනයක් මිලදී ගැනීමට සුභ දිනයක්. වෙනදට වඩා සතුටින් සිටීමට හැකියාව ලැබෙන අතර ඔබට  සෞභාග්‍ය උදාවන දිනයක්. ස්වයං ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලින් අධික ලෙස ලාභ ලැබීමට හැකිවන දිනයක්. පවුලේ සමගිය, සිතෙහි සතුට වෙනදට වැඩ වැඩි වන දිනයක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 04

 

කටක ලග්නය

පැරණි කුසලතා ඉස්මතු වන දිනයක්. මංගල යෝග ඇති වන දිනයක්. සිතෙහි ඇති බිය මැඩපවත්වාගනිමින් සමාජය තුල ඉදිරියට යාමට වෙහෙසීම තුලින් ජය අත් කරගත හැකි දිනයක්. සිත ශක්තිමත් කරගැනීම තුළින් එන කරදර පීඩා වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබේවි.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                             ජය අංකය: 03

සිංහ ලග්නය

ඔබ තුල ඇති පෞරුෂය, නිර්භීතකම, සාධාරණ බව වෙනදට වඩා ඉස්මතු වන දිනයක්. තම හඬ තුලින් ජය ගතහැකි දිනයක් වන අතර වෙළඳ කටයුතු කරන අයටද ඉතා සුභ දිනයක්. පිං දහම් සඳහා කාලය වැය කරනවානම් ඉතා සුභයි.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 02

කන්‍යා ලග්නය

සුන්දර ස්ථාන, ප්‍රිය සාද සඳහා ඇරයුම් වැඩිපුර ලැබෙන දිනයක් වන අතර ප්‍රණීත ආහාර පාන ලැබෙන දිනයක්. වෙළඳ කටයුතු වලින් අධික ලාභ ලබාගත හැකි දිනයක්. කිසියම් නිර්මාණ කටයුත්තක් කරනවානම් එය ඉතා සාර්ථක හා සම්මානනීය දෙයක් බවට පරිවර්තනය කරගත හැකි දිනයක්.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 01

 

තුලා ලග්නය

ලිපි ලේඛන කටයුතු වලින් ප්‍රවේසම් විය යුතු අතර තම අත්සන භාවිතයේදී වඩාත් සැලකිලිමත් විය යුතු දිනයක්. ණය ගැනීමට හෝ ණය දීමට නොයන්න. තරහව අඩු කරගනිමින් නිර්මාණ කටයුතු දියුණු කරගැනීමට සිත පොළඹවා ගැනීම තුලින් ජය අත්කරගත හැකි දිනයක්. මුදල් පාලනය කරගැනීමට වෙහෙසෙන්න.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

අන් අය සමඟ වෙනදට වඩා  සාර්ථකව හා සූක්ෂමව කටයුතු කරගත හැකි දිනයක්. අතපසු වුනු වැඩ නිම කිරීමට හැකිවන දිනයක් වනවා මෙන්ම ආදායම සුභ වන දිනයක්. තම පවුල ගැන වෙනදට වැඩ සොයා බැලිය යුතු දිනයක්.

ජය වර්ණය: රෝස පැහැය                          ජය අංකය: 02

 

 

ධනු ලග්නය

උසස්වීම, කැපී පෙනීම්, ආර්ථික ප්‍රතිලාභ හා නව ව්‍යාපාර අවස්ථා ලැබෙන දිනයක්. නායකත්ව ගුණාංග වෙනදට වඩා ඉස්මතු වන දිනයක් වන අතර ප්‍රශ්න ගැටළු ඉතා සාර්ථකව, සාධාරණව හා සිත් ගන්නා අයුරින් විසඳාගැනීමට හැකියාව ලැබෙන දිනයක්. නව ව්‍යාපාර සඳහා ඉතා සුභයි.

ජය වර්ණය: ගුරු පැහැය                            ජය අංකය: 01

 

 

මකර ලග්නය

විදෙස්ගතවීමට නම් උත්සාහ කල හැකි ඉතා සුභ දිනයක්. වඩාත් සිතා බලා වැඩ කටයුතු කළමනාකරණය කරගැනීම තුලින් දවස සුභ කරගත හැකියි. කියවීම දියුණු වන දිනයක් වන අතර පැරණි භාණ්ඩ සඳහා වැඩි ඇලුමක් දක්වන දිනයකි.

ජය වර්ණය: තද නිල් පැහැය                      ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

ජලය ආශ්‍රිත කටයුතු වලින් ඈත්ව සිටීම ඉතාම වැදගත්. සිත පාලනයෙන් තොරව හා මත්පැන් ගෙන වාහනය පැදවීමට නොයන්න. අනතුරු බහුල දිනයක් වන බැවින් වඩා ප්‍රවේසම් වීම වැදගත්. ඉවසීම තුලින් ප්‍රශ්න මගහරවා ගත හැකියි.

ජය වර්ණය: ලා  නිල් පැහැය                      ජය අංකය: 08

 

 

මීන ලග්නය

වඩා කරුණා සිත් ඇති ඔබ අද දිනය තුල තම ආත්ම ශක්තිය තුල, අන් අයට උදව කිරීම තුලින් සිතෙහි සතුට උපදවාගන්න දිනයක්. අවිවාහක අයට ඉතා සුභ මංගල යෝග ඇතිවන දිනයක්. අධ්‍යාත්මික ශක්තිය වෙනදට වඩා උපදවාගත හැකියි. ගමන් බිමන් යන විට යන වාහනය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

ජය වර්ණය: තද ගුරු පැහැය                        ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය:  0777 44 86 44 


News Articles
Latest Videos
Most Popular Post