News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

මම ගෙදර යන්න ඕන 5 න් ද ? 6න් ද? – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි.

752 Views


මම ගෙදර යන්න ඕන 5 න් ද ? 6න් ද? – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලංකාවේ 6 වෙනි ජනාධිපතිවරයා. 2015 දී පොදු අපේක්ෂකයා විදියට තමයි එතුමා ජනාධිපතිවරණයට අාවේ. ඊයේ දවසට එතුමා ජනාධිපති වෙලා අවුරුදු 03 ක්.

අවුරුදු 03 ක් ම ගෙවිලා ගියපු නිසා තව කොච්චර කාලයක් ධූරයේ ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අැහුවා. එ්කට හේතු වුනේ එතුමා ගෙනාපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය.

19 වෙනි සංශෝධනය ගේන්න කලින් ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය තිබ්බේ අවුරුදු 06 ක් විදියට. හැබැයි වත්මන් ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල වගේම කාලයත් අඩු කරා. හැබැයි දැන් එතුමට ප්‍රශ්නයක් අැවිත් තියෙනවා, එ් සංශෝධනය එතුමාටත් බලපානවද කියලා.

මේ ගැන නීතිඥ සංගමයේ මතය කියන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී එම්.එම්. ජයසේකර මහතා ලිඛිතව ඉල්ල තියෙනවා. ජනවාරි 14 හරි ඊට කලින් හරි තීරණය දැනුම් දෙන්න කියලා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වලා තියෙනවා. විවෘත අධිකරණයදී 11 වෙනිදා මේ ගැන විවාදයට ගන්නත් නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post